17th February 2023 21:20:40 Hours
රත්මලාන ගුවන් හමුදා පිහිනුම් තටාකයේදී පෙබරවාරි මස 16 දින පැවති ‘ආධුනික දියපන්දු ශූරතාවය - 2023’ සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පිහිනුම් ක්‍රීඩකයින් දීපව්‍යාප්ත කණ්ඩායම් 15 ක් පරාජයට පත්කරමින් ශූරතාවය දිනාගනු ලැබීය.
ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමය විසින් සංවිධානය කරන ලද මෙම තරඟයේ අවසන් තරඟය යුද්ධ හමුදා පිහිනුම් කණ්ඩායම සහ ශ්‍රී ලංකා පොලිස් පිහිනුම් කණ්ඩායම අතර පැවැත්විණි.
ජයග්‍රහණයට හිමිකම් කී යුද්ධ හමුදා පිහිනුම් කණ්ඩායමේ දක්‍ෂතම ක්‍රීඩකයන් ලෙස 22 වන ගජබා රෙජිමේන්තුවේ කෝප්‍රල් එච්.සී.එස්. කුමාර සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ කෝප්‍රල් ඩබ්ලිව්.කේ. ජයසූරිය සම්මාන දිනාගත්හ.
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ජල ක්‍රීඩා කමිටුවේ සභාපති මේජර් ජෙනරල් නිශාන්ත මානගේ විසින් යුද්ධ හමුදා පිහිනුම් ක්‍රීඩකයින්ට අවශ්‍ය උපදෙස් සහ මාර්ගෝපදේශයන් ලබාදෙමින් අවසන් මහා තරඟයේ ජයග්‍රහණය වෙනුවෙන් ක්‍රීඩකයින් දිරිමත් කරනු ලැබීය.
ශ්‍රී ලංකා යුද්ධ හමුදා දියපන්දු කණ්ඩායම, 2022 වර්ෂයේදී ද පැවති ආධුනික දියපන්දු ශූරතාවයේ ශූරතාවය දිනාගැනීමට සමත්වූහ.