Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

09th May 2023 21:34:10 Hours

කැලණිය රජමහා විහාරස්ථානයේ පැවති මහා බත් දන්සල යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සුරතින් විවෘත කෙරේ

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ජානකී ලියනගේ මහත්මිය, විධායක ජෙනරාල් මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී. වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු අසිරිමත් වෙසක් පුර පසලොස්වක පොහෝ දිනයේ (මැයි මස 5) කැලණිය රජමහා විහාරස්ථානයේ පූජාවන් සඳහා සහභාගී වූ අතර එහිදී පැවති දැවැන්ත බත් දන්සල විවෘත කිරීම සඳහා යුද්ධ හමුදාධිපතිතුමන් වෙත ආරාධනා කෙරිණි.

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ප්‍රථමයෙන් කැලණිය රජමහා විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය (මහාචාර්ය) කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමිපාණන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබාගත්තේය.

සධාතුක කරඬුව ඇතුළු පූජනීය ස්ථාන වැඳපුදාගැනීමෙන් අනතුරුව කැලණිය රජමහා විහාරස්ථානයේ බස්නායක නිළමේ ධම්මික ආටිගල මහතා ඇතුළු භික්‍ෂුන් වහන්සේලා සහ සංවිධායක මණ්ඩලය වෙතින් වෙසක් දිනයේ ආගමික වතාවත්හි නිරතවීම සඳහා පුදබිම වෙත සපැමිණි බැතිමතුන් වෙනුවෙන් පැවැත්වූ දන්සල විවෘත කිරීම සඳහා යුද්ධ හමුදාධිපතිතුමන් වෙත ආරාධනා කරනු ලැබීය. මෙම අවස්ථාව සඳහා යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ජානකී ලියනගේ මහත්මිය ද සහභාගී විය.

යුද්ධ හමුදාධිපතිතුමන් සහ ජානකී ලියනගේ මහත්මිය එම බැතිමතුන් සමඟ ආහාර ගනිමින් වෙසක් කලාපය පිළිබඳ සහ බැතිමතුන්ගේ සුවදුක් පිළිබඳ විමසා බැලීය.