Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

10th May 2023 16:45:33 Hours

වෙසක් පුර පසලොස්වක පුන් පොහෝ දින ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ භටපිරිස් ධර්ම දේශනයකට සහභාගී වෙයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉංජිනේරු සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජී අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ගේ මඟපෙන්වීම මත වෙසක් පුර පසලොස්වක පොහෝ දිනයට සමගාමීව මත්තේගොඩ ප්‍රදේශයේ පිහිටි එම සේනාංකයේ භටපිරිස් පසුගිය සිකුරාදා (05) දින විශේෂ වෙසක් දින සැමරුම් උත්සවයක් සංවිධානය කරනු ලැබීය.

මෙම පුණ්‍ය වැඩසටහනේදී ධර්ම දේශනාවක්, ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙත දානය පිරිනැමීම සහ ශ්‍රමදානයක් ද පැවැත්වීය. මත්තේගොඩ කන්දේ විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය බඹරකන්ද ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පැවති ධර්ම දේශනාවේදී එදිනෙදා ජීවිතයේදී මනෝවිද්‍යාත්මක හා ජීව විද්‍යාත්මක සබඳතාවයන් පවත්වා ගැනීමට උපකාර වන ‘සිගාලෝවාද සූත්‍රය’ පිළිබඳ දේශනා කෙරිණි.

වෙසක් සැමරුම් උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් මැයි මස 05 දින තුසිත වැඩිහිටි නිවාස පරිශ්‍රයේදී විශේෂ ‘ශ්‍රමදාන’ පිංකමක් සහ නේවාසික වැඩිහිටියන් වෙත දානය පිරිනැමීමක් සිදුකෙරිණි.

මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉංජිනේරු සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජී අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී, ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ අණදෙන නිලධාරීන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරින් සහ සෙසුනිලයන් 250 කට අධික පිරිසක් සහභාගී වූහ.