11th May 2023 18:43:17 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 14 වන පාබල සේනාංකයේ 144 වන පාබල බලසේනාවේ භටපිරිස් විසින් එම බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් කේ.එම්.වී කොඩිතුවක්කු ලබාදුන් උපදෙස් මත රාජගිරිය ‘ගැලවීමේ හමුදා වැඩිහිටි නිවාසයේ’ නේවාසිකව සිටින වැඩිහිටියන් 45 දෙනෙකු සහ ළමුන් 30 දෙනෙකු සඳහා දිවා භෝජන සංග්‍රහයක් පසුගිය බ්‍රහස්පතින්දා (04) දින පිරිනමන ලදී.
144 වන පාබල බලසේනාවේ භටපිරිස් සම්බන්ධීකරණයෙන් රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ අනුග්‍රාහකත්වය මත සිදුකරනු ලැබූ මෙම වැඩසටහනේදී ‘අඹ සෙවණ’ ආපනශාලාවේ හිමිකරු සුරේෂ් ජයනාත් මහතාගේ මූල්‍යමය දායකත්වය මත රු.1,500.00 කට වැඩි වටිනාකමකින් යුත් පාසල් උපකරණ ඇතුලත් පාර්සල් 21 ක් ද එම ළමුන් සඳහා බෙදාදුන්හ.
උත්සව අවස්ථාව සඳහා 144 වන පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන්, එම බලසේනාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසු නිලයින් සහ සුරේෂ් ජයනාත් මහතා සහභාගී වූ අතර, උත්සව අවස්ථාව අතරතුර යුද්ධ හමුදා භටපිරිස් විසින් සංගීත රසාස්වාදය ලබාදෙන ලදී.
ආරක්ෂක සේනා ආඥාපති - බටහිර සහ 14 වන පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ මගපෙන්වීම මත මෙම ප්‍රජා සත්කාරක වැඩසටහන පවත්වනු ලැබීය.