Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

11th May 2023 18:49:05 Hours

15 ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා ඩ්‍රෝන රෙජිමේන්තුවේ මූලිකත්වයෙන් ‘සංහිඳ’ ළමා නිවාසයේ ළමුන් වෙනුවෙන් දිවා භෝජන සංග්‍රහයක්

වෙසක් පුර පසලොස්වක පොහෝ දිනය නිමිත්තෙන් ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 142 පාබල බලසේනාවට අයත් 15 ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා ඩ්‍රෝන රෙජිමේන්තුව වෙතින් පසුගිය ඉරිදා (මැයි මස 7) දින පාදුක්ක, වටරැක ‘සංහිඳ’ ළමා නිවාසයේ නේවාසික ළමුන් වෙනුවෙන් ප්‍රණීත දිවා භෝජන සංග්‍රහයක් ලබාදුන්හ.

මෙම වැඩසටහන සංගීතමය සහ විනෝදාත්මක අංග රැසකින්ද සමන්විත වූ අතර, එයට සමගාමීව ළමුන් වෙත තිළිණ ප්‍රදානය කිරීමක් ද සිදුවිය.

ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් ඩී.එම්.කේ.ඩී.බී. පුස්සැල්ල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ගේ මඟපෙන්වීම යටතේ 142 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ජේ.කේ.ආර්.පී. ජයසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ගේ උපදෙස් හා 15 ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා ඩ්‍රෝන රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් ඩබ්ලිව්.ඒ.එස්.එම්. විජයලත් ‍ගේ අධීක්‍ෂණය මත එම ඒකකයේ භටපිරිස් මෙම වැඩසටහන සඳහා සිය දායකත්වය ලබාදුන්හ.

මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසුනිලයන් සහ ළමා නිවාස කාර්යය මණ්ඩලයේ සාමාජිකයන් ද සහභාගී වූහ.