13th February 2023 20:50:25 Hours
ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 68 වන සේනාංකයේ මූලිකත්වයෙන් ශ්‍රී ලංකා - ජපාන නිපොන් අධ්‍යාපනික හා සංස්කෘතික මධ්‍යස්ථානය නියෝජනය කරන බෞද්ධ භික්‍ෂූන් වහන්සේලාගේ අනුග්‍රාහකත්වය මත මුලතිව් සහ ඒ අවට ප්‍රදේශවල තෝරාගත් සිසු සිසුවියන් 28 දෙනෙකු වෙත පාසල් උපකරණ සහ ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ වැඩසටහනක් ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව් මේජර් ජෙනරල් දර්ශන විජේසේකර ගේ සහභාගීත්වයෙන් ඉකුත් බ්‍රහස්පතින්දා (9) දින සිදුකෙරිණි.
යුද්ධ හමුදාව වෙතින් සිදුකරනු ලැබූ ඉල්ලීමකට අනුව ශ්‍රී ලංකා - ජපාන නිපොන් අධ්‍යාපනික හා සංස්කෘතික මධ්‍යස්ථානයේ ලේකම් මීගස්තැන්නේ චන්ද්‍රසිරි නායක හිමිපාණන් සහ එම මධ්‍යස්ථානයේ නියෝජ්‍ය ලේකම් පූජ්‍ය වත්තහේන මලියදේව හිමිපාණන් විසින් ලබාදුන් මූල්‍ය අනුග්‍රාහකත්වය මත 682 වන බලසේනා මූලස්ථානයේදී මෙම ශිෂ්‍යත්ව ප්‍රදාන වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී.
මෙම වැඩසටහන යටතේ සෑම සිසුවෙකුටම වසරකට රුපියල් 35,000.00 බැගින් විශ්වවිද්‍යාල ප්‍රවේශ ලබන තෙක් ශිෂ්‍යත්ව පිරිනැමීමට කටයුතු සංවිධානය කර ඇත.
682 වන බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ උපදෙස් මත එම බලසේනා පරිශ්‍රයේ පැවති මෙම පරිත්‍යාග වැඩසටහන සඳහා ප්‍රතිලාභීන්ට සහභාගී වීමට අවශ්‍ය සියලු පහසුකම් ද යුද්ධ හමුදාව වෙතින් සපයනු ලැබීය.
මෙම වැඩසටහන සඳහා අනුග්‍රාහකත්වය දැක්වූ භික්‍ෂූන් වහන්සේලා සහ එම බලසේනාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරින්, සෙසුනිලයන් සහ සිවිල් වැසියන් ද එම ශිෂ්‍යත්ව ප්‍රදාන වැඩසටහන වෙනුවෙන් සහභාගී වූහ.