Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

10th February 2023 10:32:05 Hours

යුද්ධ හමුදා භටපිරිස් සම්බන්ධීකරණයෙන් ‘යහපත් එඬේරාගේ කන්‍යාරාම’ ළමා නිවාසය වෙත වියළි ආහාර සලාක පරිත්‍යාගයක්

ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 57 වන පාබල සේනාංකයේ භටපිරිස් සම්බන්ධීකරණයෙන් මාන්කුලම් යහපත් එඬේරාගේ කන්‍යාරාමයේ නේවාසිකව සිටින ළමුන් 40 දෙනෙකු සඳහා වියළි ආහාර සලාක ඇසුරුම් බෙදා දීමේ සමාජ වැඩසටහනක් පසුගිය බදාදා (08) දින ක්‍රියාත්මක කරනු ලැබීය. එම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 57 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් චන්දිමාල් පීරිස් සහභාගී විය.

මෙම පරිත්‍යාගයන් සඳහා යුද්ධ හමුදාව විසින් කරනු ලැබූ ඉල්ලීමකට අනුව සෙල්වනගර්, අරුබුල් සත්ත්ව ගොවිපළේ හිමිකරු ගෝපාල් නිරෝෂන් මහතා විසින් රුපියල් ලක්‍ෂයක (100,000.00) මුල්‍ය දායකත්වයක් පිරිනමන ලදී.

573 වන පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් රමිත් ප්‍රසන්න ගේ සහ 9 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් පී.ජී.ජේ සූරියසේන ගේ අධීක්‍ෂණය යටතේ 573 වන පාබල බලසේනාවේ සහ 9 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් එක්ව මෙම සමාජ සත්කාරක වැඩසටහන සංවිධානය කරනු ලැබීය.

ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව් මේජර් ජෙනරල් දර්ශන විජේසේකර, 57 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති සහ 573 වන බලසේනාවේ බලසේනාධිපති විසින් මෙම සමාජ සත්කාරක වැඩසටහන වෙනුවෙන් යුද්ධ හමුදා භටපිරිස් වෙත අවශ්‍ය උපදෙස් හා මඟපෙන්වීම සිදුකරන ලදී.