13th February 2023 20:00:25 Hours
2023 පෙබරවාරි මස 1 සිට 6 දින දක්වා තායිලන්තයේ ලක්තුප්ෆා (Luktupfah) නගරයේ මුයිතායි සහ මුයිබෝරාන් (Muaythai and Muayboran) පාසලේ පැවති ‘Somdet Pra Sanphet VIII’ (Tiger King) උත්සවය සඳහා මෙරට ප්‍රථම ජාතික මුයිතායි පුහුණුකරු සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා සටන් ක්‍රීඩාවේ ආරම්භකයා වන යුද්ධ හමුදා මුයිතායි කමිටුවේ උප සභාපති කර්නල් චමින්ද පෙරේරා සහභාගී විය.
තායිලන්තයේ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය විසින් සංවිධානය කරන ලද මෙම උත්සව අවස්ථාව සඳහා තායිලන්තයේ සංස්කෘතික කටයුතු අමාත්‍යතුමන් සහභාගී වූ අතර එම උත්සවයේදී මුයිතායි ක්‍රීඩාවේ නිර්මාතෘ වන ‘ටයිගර් කිං’ (Tiger King) අනුස්මරණය කරනු ලැබිණි.
මෙම උත්සවය අතරතුර පැවති සංදර්ශනය සඳහා ද අනෙකුත් සාමාජිකයන් සමඟින් කර්නල් චමින්ද පෙරේරා සහභාගී වූ අතර උත්සවයේ සාර්ථකත්වය සඳහා ශ්‍රී ලාංකික සාමාජිකයන්ගේ දායකත්වය තායිලන්තයේ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයාගේ ඇගයීමට ද ලක්විය.