Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

07th June 2023 21:27:28 Hours

‘පොසොන්’ පොහොය දිනය නිමිත්තෙන් 12 පාබල සේනාංයේ භටපිරිස් බත් දන්සලක් පවත්වයි

‘පොසොන්’ පොහොය දිනය නිමිත්තෙන් 12 පාබල සේනාංයේ භටපිරිස් විසින් එම මූලස්ථානය අසල පසුගිය සෙනසුරාදා (03) දින බත් දන්සලක් පවත්වන ලදී. ඒ සඳහා හම්බන්තොට, නාගරවැව සහ ඒ අවට ප්‍රදේශවල ප්‍රදේශ වාසීන් 3500 කට අධික පිරිසක් පැමිණ සිටිහය.

12 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන් ලබාදුන් උපදෙස් මත එම බත් දන්සල සංවිධානය කරන ලදී.

හම්බන්තොට, රන්න ප්‍රදේශයේ ව්‍යාපාරිකයන්ගේ සංගමය එක්ව ජුනි මස 03 - 05 දිනයන්හිදී රන්න නගරයේ පොසොන් කලාපයක් සංවිධානය කරන ලද අතර, ඒ සඳහා ද 12 පාබල සේනාංකයේ භටපිරිස් සහය ලබා දෙන ලදී.