Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

05th February 2023 18:20:36 Hours

ඔලුවිල් වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනට යුද්ධ හමුදා භටපිරිස්හි දායකත්වය

පෙබරවාරි මස 02 දින ක්‍රියාත්මක කෙරුණු ඔලුවිල් වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් සඳහා ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 24 වන සේනාංකයට අයත් 241 වන බලසේනා බලප්‍රදේශයේ පිහිටි 11 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් සිය සහයෝගය ලබාදුන්හ. අග්නිදිග විශ්වවිද්‍යාලය සහ අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය එක්ව මෙම ව්‍යාපෘතිය සංවිධානය කර තිබිණි.

මෙම ව්‍යාපෘතිය සාර්ථක කරගැනීම සඳහා 241 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් දනික පතිරත්න, 11 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ අණදෙන නිලධාරී මේජර් එච්.සී.පී. හෙට්ටිආරච්චි ප්‍රමුඛ එම ඒකකයේ භටපිරිස්, අම්පාර අතිරේක දිස්ත්‍රික් ලේකම්, අඩ්ඩාලච්චේන ප්‍රාදේශීය ලේකම්, ඔලුවිල් නාවික හමුදා කඳවුරේ භටපිරිස්, ඔලුවිල් වෙරළාරක්‍ෂක නාවික හමුදා කඳවුරේ භටපිරිස්, අග්නිදිග විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරුන් සහ උපාධි අපේක්‍ෂකයින්, අක්කරේපත්තු පොලිස් ස්ථානයේ නිලධාරීන්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරින් සහ සිවිල් වැසියන් ද සිය දායකත්වය ලබාදුන්හ.