06th June 2023 17:43:50 Hours
2023 දෙවන කාර්තුවේ ‘Diners’ Club’ වැඩසටහනක් බුත්තල, යුද්ධ හමුදා යුද විද්‍යාලයේ දී පසුගිය සිකුරාදා (02) දින පැවැත්විණි.
වැඩසටහන සඳහා ආරාධිත කථිකයෙකු ලෙස සහභාගී වූ අධ්‍යක්‍ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික සහ විජයභාහු පාබල රෙජිමේන්තුවේ බලකාධිපති මේජර් ජෙනරල් එස්.යූ.එම්.එන් මානගේ ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී පීඑස්සී විසින් ‘Military Professionalism and Decorum: to remain an Officer and a Gentleman in the new millennium’ යන මැයෙන් සවිස්තරාත්මක දේශනයක් පවත්වන ලදී.
යුද්ධ හමුදා යුද විද්‍යාලයේ සිසුන් 150 ක් පමණ මෙම සැසිය සඳහා සහභාගී වූ අතර, එහිදී ශිෂ්‍ය නිලධාරීන්ට දේශනය අතරතුර ගැටළු ඉදිරිපත්කර එවාට විසදුම් ලබාගැනීමට ද අවස්ථාව හිමිවිය.
වැඩසටහන සඳහා යුද්ධ හමුදා යුද විද්‍යාලයේ සේනාවිධායක මේජර් ජෙනරල් වයි.ඒ.බී.එම් යහම්පත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී, ප්‍රධාන උපදේශක, ජ්‍යෙෂ්ඨ උපදේශකවරුන් සහ අනෙකුත් සියලුම පීඨ සාමාජිකයින් සහභාගී වූහ.