12th May 2023 17:53:46 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ රාජකාරියෙහි නියුතු භටපිරිස් වෙසක් පොහෝ දිනය නිමිත්තෙන් (මැයි 05) දොඹගොඩ මංසන්ධියේදී ඔසු පැන් දන්සැලක් පවත්වනු ලැබීය.
ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකායේ බලකාධිපති සහ බලකායේ සේවා වනිතා ශාඛාවේ සභාපතිතුමියගේ උපදෙස් මත දන්සැල සංවිධානය කරන ලදී.
මෙම අවස්ථාව සඳහා යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකා සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් සහ සෙසුනිලයින් පිරිසක් එක්ව සිටියහ.