07th June 2023 21:43:34 Hours
පොසොන් පොහොය දිනය නිමිත්තෙන් ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 51 පාබල සේනාංකයේ 513 පාබල බලසේනා බලප්‍රදේශයේ ස්ථාපිත 11 ශ්‍රී ලංකා පාබල හමුදාව සහ 16(සෙව්) ගැමුණු හේවා බලකාය එක්ව ප්‍රදේශයේ බත් දන්සැලක් පවත්වනු ලැබීය. ඒ සඳහා කොල්ලන්කලඩි, මාවන්කලඩි සහ කීරමලී ප්‍රදේශවල සිවිල් වැසියන් 1000 කට අධික පිරිසක් පැමිණ සිටියහ.
51 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එස්.ඩබ්ලිව්.බී වෙලගෙදර ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී සහ 513 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එම්. රිස්වි රාසික් ආර්එස්පී ගේ උපදෙස් මත 513 පාබල බලසේනාවේ, 11 ශ්‍රී ලංකා පාබල හමුදාවේ සහ 16(සෙව්) ගැමුණු හේවා බලකායේ භට පිරිස් එක්ව මෙම දන්සැල සංවිධානය කරනු ලැබූහ.