Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

12th May 2023 17:57:39 Hours

ඉදිරි නඩත්තු පෙදෙස - මධ්‍යම භටපිරිස් සඳහා ‘මත්ද්‍රව්‍ය නිවාරණය ’ පිළිබඳ සැසියක් පවත්වයි

අඥාපති ඉදිරි නඩත්තු පෙදෙස - මධ්‍යම මේජර් ජෙනරල් ඩී.එම්.පී.පී දසනායක ගේ උපදෙස් මත එම මූලස්ථානයේ සංවිධානයෙන් ‘මත්ද්‍රව්‍ය හා මත්ද්‍රව්‍ය නිවාරණය ’ පිළිබඳව භටපිරිස් දැනුවත් කිරීමේ අරමුණින් සැසියක් පසුගිය බදාදා (10) දින දියතලාව ස්වේච්ඡා බලසේනා පුහුණු පාසල් ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී.

බ්‍රිගේඩියර් ආර්.එම්.එම් මොණරාගල යූඑස්පී ඇතුලු වෛද්‍ය නිලධාරීන් කණ්ඩායමක් විසින් එහිදී ‘යුද්ධ හමුදාව තුළ නීතිවිරෝධී මත්ද්‍රව්‍ය භාවිතය වැළැක්වීම’ යන මැයෙන් අධ්‍යාපන සැසි පවත්වනු ලැබීය.

සැසිය සඳහා ඉදිරි නඩත්තු පෙදෙස - මධ්‍යම, ස්වේච්ඡා බලසේනා පුහුණු පාසල, ප්‍රගුණ හා සැඟවුණු වෙඩික්කරු පුහුණු පාසල සහ ඉදිරි නඩත්තු පෙදෙස - මධ්‍යම යටතේ ස්ථාපිත ඒකකයන් නියෝජනය කරමින් නිලධාරීන් 16 දෙනෙකු සහ සෙසු නිලයින් 248 දෙනෙකු සහභාගී වූහ.