Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ රැකවරණය

18th March 2023 21:17:22 Hours

මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානයේ සේනාවිධායකතුමන්ට එම පුහුණු මධ්‍යස්ථානයේ උපහාරය

ධූරයෙන් නික්මයන මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානයේ සේනාවිධායක බ්‍රිගේඩියර් චන්දන රණවීර වෙත හමුදා සම්ප්‍රදායානුකූල උපහාර පිරිනැමීමේ උත්සවයක් එම පුහුණු මධ්‍යස්ථාන පරිශ්‍රයේදී පසුගිය සිකුරාදා (10) දින පැවැත්වීය.

එම උත්සවය අතරතුරදී, බ්‍රිගේඩියර් චන්දන රණවීර විසින් භටපිරිස් අමතමින් තම ධුර කාලය තුළදී රාජකාරීන් සිදුකරගෙන යාමට ලබාදුන් සහයෝගය පිළිබඳව සිය කෘතවේදීත්වය පිරිනැමූ අතර, අනතුරුව එම භටපිරිස් සමඟින් සුහදව අදහස් හුවමාරු කරගන්නා ලදී.

ධූරයෙන් නික්ම ගිය බ්‍රිගේඩියර් චන්දන රණවීර කොළඹ 07, නෙළුම් පොකුණ, මහින්ද රාජපක්‍ෂ රඟහලේ‍ ප්‍රධාන විධායක නිලධාරී ලෙස කටයුතු කිරීමට නියමිතව ඇත.