07th June 2023 21:52:33 Hours
දින පහක සුහද සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටින නයිජීරියානු යුද්ධ හමුදාවේ හමුදා දූත පිරිස බදාදා (07) දින යුද්ධ හමුදා මූලස්ථානයෙහි සංචාරයක නිරත වූහ.
නයිජීරියානු යුද්ධ හමුදාවේ පුහුණු හා මූලධර්ම අංශයේ අණදෙන නිළධාරී මේජර් ජෙනරල් එස්ඕ ඔලබන්ජි (Major General SO Olabanji) ගේ ප්‍රධානත්වයෙන් යුත් එම නියෝජිත පිරිස යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ හමුවිය. මෙම සුහද හමුවේදී දෙරටෙහි පුහුණු වැඩසටහන් හුවමාරු කරගැනීම සහ පුහුණු අභ්‍යාසයන් පැවැත්වීම පිළිබඳවත් වඩාත් පුළුල් ලෙස සාකච්ඡා කළහ.
සුහද හමුව අවසානයේදී, දෙරටෙහි යුද්ධ හමුදාවන්ගේ සුහදතාවය සහ සහයෝගීතාවය සංකේතයක් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදුකෙරිණි.
යුද්ධ හමුදාධිපති කාර්යාලයේ පැවති සුහද හමුව සඳහා අධ්‍යක්‍ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරල් එස්.යූ.එම්.එන් මානගේ ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්වී ආර්එස්පී පීඑස්සී සහ අධ්‍යක්‍ෂ ජෙනරාල් පුහුණු අධ්‍යක්‍ෂ මේජර් ජෙනරල් ඩී.කේ.එස්.කේ දොලගේ යූඑස්පී පීඑස්සී ද සහභාගී වූහ.
යුද්ධ හමුදා මූලස්ථානය වෙත සපැමිණි අට දෙනෙකුගෙන් යුත් දූත පිරිස, මේජර් ජෙනරල් ඩී.කේ.එස්.කේ දොලගේ යූඑස්පී පීඑස්සී විසින් උණුසුම් ලෙස පිළිගනු ලැබීය. අනතුරුව එතුමන් එම දූත පිරිස අධ්‍යක්‍ෂ ජෙනරාල් පුහුණු අධ්‍යක්‍ෂ කාර්යාලය වෙත කැටුව යන ලදී.
අනතුරුව, මේජර් ජෙනරල් ඩී.කේ.එස්.කේ දොලගේ යූඑස්පී පීඑස්සී විසින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ක්‍රියාත්මක වන පුහුණු වැඩසටහන් පිළිබඳ සවිස්තරාත්මක විස්තරයක් ඔවුන් ඉදිරිපත් කරන ලදී.
පර්යේෂණ සංකල්ප හා මූලධර්ම අධ්‍යක්‍ෂ මණ්ඩය වෙත පැමිණි දූත පිරිස පර්යේෂණ සංකල්ප හා මූලධර්ම අධ්‍යක්‍ෂ මේජර් ජෙනරල් ජී.ඩබ්ලිව්.ඒ සෙනෙවිරත්න යූඑස්පී පීඑස්සී සහ කර්නල් පර්යේෂණ සංකල්ප හා මූලධර්ම ලුතිනන් කර්නල් ඩී.එල්.යූ ද තාබෲ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී පීඑස්සී විසින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ මූලධර්ම සහ ඉදිරිදර්ශන සැලසුම් සම්පාදනය කිරීම පිළිබඳව නියෝජිත පිරිස දැනුවත් කරන ලදී.
එම අවස්ථාව සනිටුහන් කරමින් පැමිණ සිටි දූත පිරිස මේජර් ජෙනරල් එස්.යූ.එම්.එන් මානගේ ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්වී ආර්එස්පී පීඑස්සී, මේජර් ජෙනරල් ඩී.කේ.එස්.කේ දොලගේ යූඑස්පී පීඑස්සී සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ සමුහ ඡායාරූපයකට ද පෙනී සිටියහ.