Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ රැකවරණය

18th March 2023 21:15:22 Hours

‘පවුල සමඟ සතුටින් ජීවත්වීමේ කලාව’ පිළිබඳ ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ භටපිරිස් දැනුවත් කෙරේ

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් සංජය වනසිංහ ගේ උපදෙස් මත ‘පවුල සමඟ සතුටින් ජීවත්වීමේ කලාව’ තේමාව ඔස්සේ 2023 මාර්තු මස 15 දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මූලස්ථාන බහුකාර්ය ශාලාවේදී දේශනයක් පැවැත්විණි.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මූලස්ථානයේ ආරාධනයකට අනුව මෙම අවස්ථාව සඳහා සහභාගී වූ උපදේශන මනෝ විද්‍යාඥවරියක් වන භාග්‍යා අබේසිංහ මහත්මිය දේශනයේ මුලසුන හෙබවූවාය.

මෙම දේශනයේදී ශක්තිමත් පවුල් බැඳීමක් සහ ආදරණීය දරුවන් හැඩගැස්වීමේ හොඳම ක්‍රම වැඩිදියුණු කරන සාධකයක් ලෙස දෙමාපිය සාධකයේ බලපෑම පිළිබඳ දේශිකාව අවධාරණය කරනු ලැබුවාය.

ප්‍රීතිමත් ජීවිතයක් හැඩගස්වාගැනීම පිළිබඳ දැනුවත් කිරීම අරමුණු කරගනිමින් පැවැත්වූ මෙම දේශනයේදී සංගීතමය අංගයන් ද පැවැත්විණි.

දේශනය සමාප්තියේ ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ නියෝජ්‍ය සේනාවිධායක මේජර් ජෙනරල් තුසිත සිල්වා විසින් දේශිකාව වෙත සමරු තිළිණයක් ප්‍රදානය කරන ලදී.