Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ රැකවරණය

18th March 2023 21:25:22 Hours

ජාතික ආරක්‍ෂක විද්‍යාලයේ සේනාවිධායක ලෙස මේජර් ජෙනරල් සුජීව සෙනරත් යාපා රාජකාරි අරඹයි

කොළඹ 3 ප්‍රදේශයේ පිහිටි ජාතික ආරක්‍ෂක විද්‍යාලයේ දෙවැනි සේනාවිධායක ලෙස මාර්තු මස 16 දින එම විද්‍යාල පරිශ්‍රයේ පැවති කෙටි උත්සවයකදී යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරල් සුජීව සෙනරත් යාපා රාජකාරි භාරගත්තේය.

ආගමික වතාවත්හි නිරත වීමෙන් අනතුරුව මේජර් ජෙනරල් සුජීව සෙනරත් යාපා නව ධූරයේ රාජකාරි භාරගැනීම සනිටුහන් කරමින් සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තැබීය.

මීට ප්‍රථම මෙම ධූරය හෙබවූ මේජර් ජෙනරල් අමල් කරුණාසේන (විශ්‍රාමික) ගෙන් පසුව මේජර් ජෙනරල් සුජීව සෙනරත් යාපා නව ධූරය සඳහා පත්කෙරිණි.

මෙම අවස්ථාව සඳහා ජාතික ආරක්‍ෂක විද්‍යාලයේ මාණ්ඩලික නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගී වූහ.