Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

12th May 2023 18:43:23 Hours

යුද්ධ හමුදා භටපිරිස් මූලිකත්වයෙන් ගෝණගංආර ප්‍රදේශයේ වැසියන් සඳහා ජල පිරිපහදු ස්ථානයක් ඉදිකර දෙයි

යුද්ධ හමුදාවේ අධිවිනිසුරු අධිනීතීඥ ජෙනරාල් බ්‍රිගේඩියර් ආර්.ඩී.ඕ පතිරණගේ ප්‍රමුඛ පරිත්‍යාගශීලීන් කණ්ඩායමක් විසින් ලබාදුන් මූල්‍යමය අනුග්‍රාහකත්වය මත මොණරාගල, ගෝණගංආර ප්‍රදේශයේ සිවිල් වැසියන් සඳහා ජල පිරිපහදු ස්ථානයක් ඉදිකර දී ප්‍රදේශයේ ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවන පවුල් වල අධ්‍යාපනය ලබන පාසල් සිසු සිසුවියන් 310 දෙනෙකු වෙත පාසල් උපකරණ බෙදාදීමේ සමාජ සත්කාරක වැඩසටහනක් පසුගිය අඟහරුවාදා (10) දින මොනරාගල ගෝණගංආර කනිෂ්ඨ විද්‍යාලයේදී සිදු කරනු ලැබීය.

ගෝණගංආර ප්‍රදේශයේ ජනතාව පානීය ජල හිඟය හේතුවෙන් දැඩි ලෙස පීඩාවට පත් වී අතර, ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත 12 පාබල සේනාංකයේ 212 පාබල බලසේනා බලප්‍රදේශයේ පිහිටි 20 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු භටපිරිස් මූලිකත්වයෙන් එම ජල පිරිපහදු ස්ථානය ඉදිකර දෙන ලදී.

මොණරාගල, ගෝණගංආර කනිෂ්ඨ විද්‍යාලයේ සංවිධානය කර තිබූ උත්සවයකදී පරිත්‍යාගශීලීන් විසින් ජල පිරිපහදු ව්‍යාපෘතිය (Osmosis Plant) විවෘත කළ අතර, අනතුරුව පාසල් සිසු සිසුවියන් 310 නෙකු වෙත පාසල් උපකරණ බෙදාදීම ද සිදුවිය. එම අවස්ථාවට සමගාමීව ප්‍රදේශයේ ගොවි පවුල් අතර පහතරට තේ පැළ තොගයක් ද බෙදා දෙන ලදී.

උත්සව අවස්ථාව සඳහා ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් ඩබ්ලිව්.ආර්.එම්.එම් රත්නායක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීයූ, 12 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ජී.එම්.එන් පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී, 121 බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එල්.ඒ.ජේ.එල්.වී උඩෝවිට ආර්ඩබ්ලිව්පී ආර්එස්පී, පරිත්‍යාගශීලී භවතුන්, යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීක් සහ භටපිරිස් සහභාගී වූහ.