Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

15th May 2023 18:25:13 Hours

551 පාබල බලසේනාවේ භටපිරිස් වැඩිහිටි සහ ළමා නිවාසයක් වෙත දිවා භෝජන සංග්‍රහයක් පිරිනමයි

551 පාබල බලසේනාවේ භටපිරිස් විසින් වෙසක් පෝය දිනයට සමගාමීව කරවෙඩ්ඩි ප්‍රදේශයේ වතිරි හි ශ්‍රී පරමානන්ද ළමා සහ වැඩිහිටි නිවාසයේ නේවාසිකව සිටින ළමයින් 35 දෙනෙකු සහ වැඩිහිටියන් 10 දෙනෙකු වෙනුවෙන් පසුගිය සෙනසුරාදා (13) දින විශේෂ දිවා භෝජන සංග්‍රහයක් පිරිනමන ලදී.

55 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එම්.කේ.යූ.පී ගුණරත්න ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී අයිජී ගේ මගපෙන්වීම මත බ්‍රිගේඩියර් එස්.ජේ කාරියකරවන ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ගේ අධීක්‍ෂණය යටතේ භටපිරිස් විසින් මෙම උත්සවය සංවිධානය කරන ලදී.

4 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සහ 16 (සෙව්) ශ්‍රී ලංකා පාබල හමුදාවේ නිලධාරීන් සහ සෙසුනිලයන්, ළමුන් සහ වැඩිහිටියන් සමඟින් සුහඳ පිළිසඳරක ද නිරත විය.