15th May 2023 18:31:56 Hours
ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 57 පාබල සේනාංකයට අයත් 573 පාබල බලසේනාවේ භටපිරිස් 9 විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් සමඟින් එක්ව මාන්කුලම් ශ්‍රී සුගත විහාරස්ථානයේ චෛත්‍යය, බුදු මැදුර, වලාකුළු බැම්ම සහ ඝණ්ඨාර කුළුණ ප්‍රතිසංස්කරණය කර තීන්ත ආලේප කර වෙසක් පුර පසළොස්වක පොහෝ දින (මැයි මස 05) බැතිමතුන් වෙනුවෙන් විවෘත කරන ලදී.
57 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ජේ.පී.සී පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ගේ මඟපෙන්වීම සහ 573 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එස්.ඩබ්ලිව්.ආර් ප්‍රසන්න ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී සහ 9 විජයබාහු පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් පී.ජී. ජේ සූරියසේන ගේ අධීක්‍ෂණය මත මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරිණි.
57 පාබල සේනාංකයේ භටපිරිස්හි ඉල්ලීමකට අනුව ආර්.එම් රවිශාන්ත, මනෝජ් චන්දිම විමලනාත් සහ චන්ද්‍රෂාන් ප්‍රනාන්දු යන මහත්වරුන් එක්ව රුපියල් 300,000.00 මූල්‍යමය පරිත්‍යාගයක් මෙම වැඩසටහන වෙනුවෙන් සිදුකරනු ලැබූහ.
මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 59 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ආර්.එම්.එම් රණසිංහ ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී සහභාගී වූ අතර පරිත්‍යාගශීලීන්, 573 පාබල බලසේනාවේ බලසේනාධිපති, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, මාන්කුලම් පොලිස් ස්ථානයේ පොලිස් අධිකාරි, ස්ථානාධිපති, සෙසුනිලයන් සහ බැතිමතුන් රැසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
මෙම වැඩසටහන සමාප්තයේ යුද්ධ හමුදා භටපිරිස් එම ප්‍රදේශයේ බැතිමතුන් සහ ප්‍රදේශවාසීන් වෙනුවෙන් බත් දන්සැලක් ද පැවැත්වීය.