Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

15th May 2023 18:41:02 Hours

ගැලවීමේ හමුදාව යටතේ පාලනය වන වැඩිහිටි නිවාසයට යුද්ධ හමුදාවේ මූලිකත්වයෙන් ප්‍රණීත දිවා භෝජන සංග්‍රහයක්

ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 14 පාබල සේනාංකයට අයත් 144 පාබල බලසේනාවේ භටපිරිස් වෙසක් පුර පසලොස්වක පුන් පොහෝ දිනයට සමගාමීව ගැලවීමේ හමුදාව වෙතින් පාලනය වන රාජගිරිය වැඩිහිටි නිවාසයේ නේවාසික ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සහ ළමුන් වෙත ප්‍රණීත දිවා භෝජන සංග්‍රහයක් සහ අතවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් 2023 මැයි මස 04 දින ක්‍රියාත්මක කරනු ලැබීය.

මෙම වැඩසටහනේදී, එම වැඩිහිටි නිවාසයේ කාර්ය මණ්ඩල සාමාජිකයින් ඇතුළු ජ්‍යෙෂ්ඨ පුරවැසියන් 45 දෙනෙකුට සහ ළමුන් 30 දෙනෙකු වෙත ප්‍රණීත ආහාර ‍වේලක් පිරිනැමිණි.

ගැලවීමේ හමුදාවේ පාලනය යටතේ අධ්‍යාපනය ලබන ළමුන් 21 දෙනෙකු වෙනුවෙන් අධ්‍යාපන දිරිගැන්වීම් වශයෙන් පාසල් ලිපිද්‍රව්‍ය සහ පාසල් උපකරණ බෙදාදීමේ වැඩසටහනක් ද මෙහිදී සිදුකෙරිණි.

144 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ මඟපෙන්වීම මත එම පාබල බලසේනාව යටතේ සේවයේ නියුතු අණදෙන නිලධාරින් සහ සෙසුනිලයන් මෙම වැඩිහිටි නිවාසයේ කාර්ය මණ්ඩලය සමඟ සම්බන්ධීකරණයෙන් යුතුව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබීය.

මෙම වැඩසටහන සඳහා යුද්ධ හමුදා භටපිරිස්හි දායකත්වය වැඩිහිටි නිවාසයේ කාර්ය මණ්ඩලයේ ඇගයීමට ලක්විය.