17th May 2023 20:52:14 Hours
52 පාබල සේනාංකය යටතේ ස්ථාපිත 521 පාබල බලසේනාවේ භටපිරිස් සිය ප්‍රජා මුලික ව්‍යාපෘතීන් තවදුරටත් පුළුල් කරමින් පසුගිය සිකුරාදා (මැයි මස 12) දින අච්චුවේලි, උලවික්කුලම් කෝවිල් පරිශ්‍රයේ පැවැත්වීමට නියමිත උත්සවයට සමගාමීව එම කෝවිල් පරිශ්‍රය පිරිසිදු කිරීම සඳහා ශ්‍රමදාන වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබීය.
භටපිරිස් විසින් එම කෝවිල් පරිශ්‍රයේ තිබූ කැලි කසළ සහ අනෙකුත් දූෂිත ද්‍රව්‍ය බැහැර කර පිරිසිදු කිරීමෙන් අනතුරුව කෝවිලේ ප්‍රධාන පූජකතුමන් යුද්ධ හමුදා භටපිරිස් ඇගයීමට ලක්කළේය. මෙම ප්‍රජා මූලික ව්‍යාපෘතිය සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් සිය දායකත්වය දැක්වූහ.