17th May 2023 20:57:42 Hours
යුද්ධ හමුදා සාමාජිකයන් වෙනුවෙන් පැවති ශාරීරික පුහුණු උපදේශක පාඨමාලාව - අංක 15, උසස් ශාරීරික පුහුණු උපදේශක පාඨමාලාව - අංක: 45 සහ සහකාර ශාරීරික පුහුණු උපදේශක පාඨමාලාව අංක - 128 හි විසිර යෑමේ පෙළපාලිය පනාගොඩ යුද්ධ හමුදා ශාරීරික අභ්‍යාස පුහුණු පාසල් ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පසුගිය සඳුදා (මැයි මස 08) දින පැවැත්විණි.
මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්ෂක සේනා ආඥාපති - බටහිර සහ යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ඩී.එම්.කේ.ඩී.බී. පුස්සැල්ල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී සහභාගී වූහ.
මෙම අවස්ථාව සඳහා යුද්ධ හමුදා ශාරීරික පුහුණු මධ්‍යස්ථානයේ සේනාවිධායක කර්නල් කේ.ඒ.ඩී.සී.ආර් කන්නන්ගර ආර්එස්පී ගේ ආරාධනයකට අනුව සහභාගී වූ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකු පාඨමාලාව හැදෑරූ නිලධාරින් වෙත සහතිකපත් සහ සම්මාන ප්රදානය කරන ලදී.
දින 77 ක් පුරාවට පැවති ශාරීරික පුහුණු උපදේශක පාඨමාලා අංක - 15 සඳහා නිලධාරීන් 10 දෙනෙක් සහභාගී වූ අතර පාඨමාලාවේ දක්ෂතම ශිෂ්‍යයා ලෙස කමාන්ඩෝ රෙජිමේන්තුවේ ලුතිනන් ජේ.වී.ඒ.කේ. ප්‍රදීප් ප්‍රථම ස්ථානය දිනාගත්තේය. එමෙන්ම, දක්ෂතම ජිම්නාස්ටික් ක්‍රීඩකයා ලෙසත්, නිලධාරීන්ගේ ශාරීරික පුහුණු උපදේශක පාඨමාලාවේ හොඳම දරාගැනීමේ හැකියාවෙන් හෙබි සෙබළා ලෙසත් යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ කපිතන් ඩබ්ලිව්.එම්.අයි.එල්. අබේරත්න සම්මාන දිනාගත්තේය.
යුද්ධ හමුදා සෙසුනිලයන් 18 දෙනෙකුගේ සහභාගීත්වයෙන් උසස් ශාරීරික පුහුණු උපදේශක පාඨමාලාව - අංක: 45 දින 65 ක් පුරාවට පැවැත්විණි. පාඨමාලාවේ දක්ෂතම ශිෂ්‍යයා ලෙස කමාන්ඩෝ රෙජිමේන්තුවේ ලාන්ස් කෝප්රල් පී.එම්.පී.එන්. මුණසිංහ ප්‍රථම ස්ථානය දිනාගත් අතර දක්ෂතම ජිම්නාස්ටික් ක්‍රීඩකයා සහ හොඳම දරාගැනීමේ හැකියාවෙන් හෙබි සෙබළා ලෙස ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ සාමාන්‍ය සෙබළ ඒ.කේ.එම්.ආර්. හෙට්ටිආරච්චි සම්මාන දිනාගත්හ. පාඨමාලාවේ දක්ෂතම ශිෂ්‍යාව ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ කේ.එම්.පී. මධුසාරා ප්‍රථම ස්ථානය දිනාගත් අතර දක්ෂතම පෙළ අණදෙන්නා ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදුසේවා බලකායේ කෝප්රල් එම්.කේ.සී.ජී. ලලින්ද්‍ර සම්මාන දිනාගත්හ.
සහකාර ශාරීරික පුහුණු උපදේශක පාඨමාලාව අංක - 128 හැඳෑරීම සඳහා සෙසුනිලයන් 153 දෙනෙකු සහභාගී වූහ. එම පාඨමාලාවේ දක්ෂතම ශිෂ්‍යයා ලෙස ලාන්ස් කෝප්රල් එච්.එම්.එස්.එන්. සෙනෙවිරත්න ප්‍රථම ස්ථානය දිනාගත් අතර දක්ෂතම ජිම්නාස්ටික් ක්‍රීඩකයා ලෙස ගජබා රෙජිමේන්තුවේ පාබල සෙබළ ආර්.පී.එස්.ඩී රාජපක්ෂ සම්මාන දිනාගත්තේය. පාඨමාලාවේ හොඳම දරාගැනීමේ හැකියාවෙන් හෙබි සෙබළා ලෙස ශ්‍රී ලංකා පාබල හමුදාවේ පාබල සෙබළ ඒ.එම්.ජේ. අත්තනායක තේරීපත් විය. පාඨමාලාවේ දක්ෂතම ශිෂ්‍යාව ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ සාමාන්‍ය සෙබළ ටී.එම්.එන්.ජී.ටී. කුමාරි සම්මානය දිනාගත්හ. පාඨමාලාවේ දක්ෂතම පෙළ අණදෙන්නා ලෙස විජයබාහු පාබල රෙජිමේන්තුවේ ලාන්ස් කෝප්රල් ආර්.එම්.ආර්.සී රත්නායක සම්මාන දිනාගත්තේය.
මෙම විසිරයෑමේ උත්සව අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස පනාගොඩ යුද්ධ හමුදා ශාරීරික අභ්‍යාස පුහුණු පාසලේ සේනාවිධායක මේජර් ජෙනරල් ඩී.එම්.කේ.ඩී.බී. පුස්සැල්ල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී සහභාගී වූ අතර තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගී වූහ.