02nd February 2023 18:30:48 Hours
සීදූව ශාන්ත තෝමස් කතෝලික ජාත්‍යන්තර විද්‍යාලයේ පැවති ශිෂ්‍ය නායක නායිකාවන් පත්කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉංජිනේරු සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ලංකා අමරපාල පසුගිය අඟහරුවාදා (31) දින සහභාගී විය.
ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි මේජර් ජෙනරල් ලංකා අමරපාල එම පාසලෙහි විදුහල්පති වන ගරු සුදත් ගුණතිලක පියතුමා විසින් පිළිගනු ලැබූ අතර, අනතුරුව එතුමන් විද්‍යාලයීය තූර්ය වාදක කණ්ඩායම විසින් උත්සවය පැවැත්වෙන ශාලාව වෙත මහත් හරසරින් කැඳවාගෙන යනු ලැබීය.
උත්සවය ආරම්භයේදී දෙවියන් වහන්සේ සිහිකර පොල් තෙල් පහන දැල්වීම සිදුකරනු ලැබූ අතර, අනතුරුව ශිෂ්‍ය නායක නායිකාවන් පත්කිරීමේ උත්සවය ආරම්භ කෙරිණි. පසුව, මේජර් ජෙනරල් ලංකා අමරපාල විසින් රටේ අනාගතය භාරගැනීමට සිටින පරපුරක් වශයෙන් නායකයින් ලෙස කටයුතු කිරීමේ වැදගත්කම පිළිබඳව අවධාරනය කරන ලදී. එතුමන් සිය දේශනය අතරතුරදී, අභිනවයෙන් පත් වූ ශිෂ්‍ය නායක නායිකාවන් සමඟින් සුහදව අදහස් බෙදා ගැනීමට ද කටයුතු කරන ලද අතර, මෙම උත්සවයේ සංවිධාන කටයුතු සිදුකරන ලද ගරු සුදත් ගුණතිලක පියතුමන් ඇතුළු විද්‍යාලයීය ආචාර්ය මණ්ඩලය වෙත සිය ගෞරවය හා කෘතවේදීත්වයද පළ කළේය. උත්සව අවස්ථාව සමාප්තියේදී සමරු තිළිණ හුවමාරුවක්ද සිදු විය.