29th May 2023 09:36:06 Hours
ආරක්‍ෂක සේනා මුලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 62 පාබල සේනාංකයේ 622 පාබල බලසේනාවේ භටපිරිස් සම්බන්ධීකරණයෙන් දකුණු ප්‍රදේශයේ දානපතියන් පිරිසක් විසින් ලබාදුන් මූල්‍යමය අනුග්‍රාහකත්වය මත වැලිඔය, ම/හැලඹේවැව ප්‍රාථමික විද්‍යාලයේ ඉගෙනුම ලබන පාසල් සිසු සිසුවියන් 50 දෙනෙකු සඳහා රුපියල් 400,000.00 ක වටිනාකමකින් යුත් පාසල් උපකරණ තොගයක් හැලඹෑවැව ධර්මදීප වැලිමළුව විහාරස්ථාන පරිශ්‍රයේදී පසුගිය සිකුරාදා (27) දින බෙදාදෙනු ලැබූහ.
කොළඹ ප්‍රදේශයේ පදිංචි සුමුදු පෙරේරා, මංජුල බමුනේආරච්චි සහ ඉරේෂ් දයාරත්න යන දානපතියන් මෙම පරිත්‍යගයන් සඳහා මූල්‍යමය අනුග්‍රාහකත්වය ලබාදුන් අතර, එහිදී පාසල් බෑගයක්, පාවහන්, පොත්, පැන්සල්, පෑන්, ලිපි ද්‍රව්‍ය ආදිය ඇතුලත් රුපියල් 8000.00 ක වටිනාකමකින් යුත් පාසල් උපකරණ කට්ටලයක් බෙදාදෙන ලදී.
62 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ආර්.ඒ.ජේ.එන් රණසිංහ ආර්එස්පී යූඑස්පී එන්ඩීසී ගේ උපදෙස් මත සහ 622 පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් කේ.එච්.එන්.යූ.බී කොළොංගහපිටිය යූඑස්පීගේ අධීක්‍ෂණය යටතේ 9 ගජබා රෙජිමේන්තු භටපිරිස් මෙම වැඩසටහනේ සංවිධාන කටයුතු සිදුකරනු ලැබීය.
උත්සව අවස්ථාව සඳහා 622 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන්, යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයින් පිරිසක් එක්ව සිටියහ.