Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

30th May 2023 21:33:03 Hours

‘පාද යාත්‍රාවේ’ නිරත බැතිමතුන් සඳහා යුද්ධ හමුදා භටපිරිස් විසින් දිවා ආහාරය ලබාදෙයි

වාර්ෂිකව කතරගම ‘පාද යාත්‍රාවේ’ නිරත බැතිමතුන් 80 කට ආසන්න පිරිසක් පසුගිය ඉරිදා (7) දින මුලතිව් වට්ටප්පලෙයි, වට්ටප්පලෙයි කන්නගී අම්මාන් කෝවිල වෙත පැමිණියහ.

ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව් මේජර් ජෙනරිල් යූ.ඩී විජේසේකර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ආර්සීඩීඑස් පීඑස්සී ගේ උපදෙස් මත ආරක්‍ෂක සේනා මුලස්ථානය - මුලතිව් භටපිරිස් එම වන්දනාකරුවන් සඳහා දිවා භෝජන සංග්‍රහයක් සංවිධානය කරන ලදී.

ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් සිවිල් සම්බන්ධීකරණ නිලධාරිගේ සම්බන්ධීකරණයෙන් භටපිරිස් විසින් සියලුම බැතිමතුන් සඳහා දිවා භෝජන සංග්‍රහය පිළිගන්වන ලදී.