Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

30th May 2023 21:36:37 Hours

රණවිරු සම්පත් කේන්ද්‍රයේ 10 සංවත්සරය ආගමික වතාවත්වලට මුලතැනක් දෙමින් සමරයි

වත්තල, හේකිත්ත පිහිටි රණවිරු සම්පත් කේන්ද්‍රයෙහි 10 වැනි සංවත්සරය නිමිත්තෙන් ඉකුත් බදාදා (මැයි 24) දින රණවිරු සම්පත් කේන්ද්‍රයේ සේනාවිධායක බ්‍රිගේඩියර් ටී.එච්.ඩී.එස්.ආර් සිරිමාන්න යූඑස්පී ගේ මඟපෙන්වීම යටතේ වැඩසටහන් කිහිපයක් දියත් කරන ලදී.

සංවත්සර දිනයට පෙර දින (මැයි 22 සඳුදා) රණවිරු සම්පත් කේන්ද්‍රය පරිශ්‍රයේදී ‘පිරිත්’ සජ්ඣායනාවක් පවත්වා සියලු යුද්ධ හමුදා සාමාජිකයන්ට ආශීර්වාද එක්කළේය. එම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස රණවිරු සම්පත් කේන්ද්‍රයෙහි සේනාවිධායක සහභාගී විය.

සංවත්සර දින උත්සවය ආරම්භ කරමින් රණවිරු සම්පත් කේන්ද්‍රය වෙත සපැමිණි සේනාවිධායකතුමන් වෙත 14 විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් විසින් ප්‍රධාන දොරටුව අභියසදි කඳවුරු සම්මාන මුරයේ ගෞරවාචාරය පුද කළේය. අනතුරුව එතුමන් එම අවස්ථාව සිහිවනු වස් කඳවුරු පරිශ්‍රයේ පැළයක් ද රෝපණය කළේය.

භට පිරිස් ඇමතු එතුමන් පසුව භටපිරිස් සමඟින් දිවා භෝජන සංග්‍රහයකටද එක් විය.