Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

02nd June 2023 23:54:45 Hours

යුද්ධ හමුදා බැඩ්මින්ටන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් කාණ්ඩ හතක් යටතේ ශූරතා හිමිකර ගනී

ආරක්‍ෂක සේවා බැඩ්මින්ටන් තරඟාවලිය‍ කොළඹ ශ්‍රී ලංකා ගුවන් හමුදා ගෘහස්ථ ක්‍රීඩාංගනයේ මැයි මස 29 වන දින සිට 31 වන දින දක්වා පැවති අතර, ඒ සඳහා සහභාගී වූ යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිය දක්‍ෂතා මනාලෙස පෙන්නුම් කිරීමට සමත් විය.

ත්‍රිවිධ හමුදා සාමාජිකයින් අතර පැවති එම තරඟාවලියේ සියලුම ශූරතාවයන් යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් විසින් පහත සඳහන් පරිදි හිමිකර ගන්නා ලදී.

විවෘත කේවල පිරිමි අංශය - ශූරතාවය සහ අනුශූරතාවය

විවෘත ද්විත්ව පිරිමි අංශය - ශූරතාව සහ අනුශූරතාව

විවෘත කේවල කාන්තා අංශය - ශූරතාව සහ අනුශූරතාව

විවෘත ද්විත්ව කාන්තා අංශය - ශූරතාව සහ අනුශූරතාව

අවුරුදු 30 ට වැඩි වයස් කාණ්ඩය පිරිමි අංශය - ශූරතාව සහ අනුශූරතාව

අවුරුදු 40 ට වැඩි වයස් කාණ්ඩය පිරිමි අංශය - ශූරතාවය සහ අනුශූරතාවය

අවුරුදු 50 ට වැඩි වයස් කාණ්ඩය පිරිමි අංශය - ශූරතාව සහ අනුශූරතාවය

සම්මාන ප්‍රදානෝත්සවය සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අධ්‍යක්‍ෂ ජෙනරාල් ගුවන් මෙහෙයුම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් වික්‍රමරත්න ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී එෆ්ඒබ්ලිව්සී කිව්එෆ්අයි යුද්ධ හමුදා ක්‍රීඩා අධ්‍යක්‍ෂක බ්‍රිගේඩියර් පී.ඒ.එම් පීරිස් ආර්එස්පී යූඑස්පී පීඑස්සී, ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයේ උප සභාපති පාලිත හෙට්ටිආරච්චි මහතා සහ යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.