Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

06th June 2023 17:44:52 Hours

හෝමාගම පොසොන් කලාපයට යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සහ ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර භටපිරිස්හි සහාය

පොසොන් පෝහොය දිනයට සමගාමීව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාව, ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර භටපිරිස් සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා බෞද්ධ සංගමය එක්ව බත්තරමුල්ල, ස්වාධීන රූපවාහිනී සේවය සමගින් ‘සවනක් රැස් ’ සීල සමාධි බෞද්ධාගමික වැඩසටහන පනාගොඩ, බෝධිරාජාරාම යුද්ධ හමුදා විහාරස්ථානයේදී පසුගිය සෙනසුරාදා (03) දින පවත්වන ලදී.

වැඩසටහන මගින් රට වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන්ට පිං අනුමෝදන් කිරීම, ආබාධිත රණවිරුවන්ට, සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින්ට, සිවිල් කාර්යය මණ්ඩලයට සහ ඔවුන්ගේ පවුල් වල සාමාජිකයින්ට සහ සමස්ත ශ්‍රී ලාංකිකයන් සඳහා ආශිර්වාද එක් කිරීම සිදු කරන ලදී. පූජ්‍ය හොරවල ධම්මජෝති නාහිමියන් සහ පූජ්‍ය දොඩම්පේ සද්ධාවිමල නාහිමියන්ගේ අනුශාසනා වලින් උත්සවය ආරම්භ විය. අනතුරුව, පූජාමය වැඩසටයන්, භාවනා වැඩසටහන්, සිල් සමාදන්වීමේ වැඩසටහන්, ධර්මදේශනා සහ පිරිත් සජ්ඣායනා ආදි විවිධ ආගමික වැඩසටහන් සිදුකරනු ලැබීය. ඒ සඳහා සැදැහැවතුන් විශාල පිරිසක් සහභාගි වූහ.

බෝධිරාජාරාම යුද්ධ හමුදා විහාරස්ථානයේ පැවති පොසොන් උත්සවයට සමගාමීව ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර භටපිරිස් විසින් පිටිපන හන්දියේ සිට ගොඩගම හන්දිය දක්වා වූ හයිලෙවල් මාර්ගයේ පොසොන් කලාපයක් සංවිධානය කරන ලදී. මෙම කලාපය සඳහා ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර, රෙජිමේන්තු මධ්‍යස්ථානයන් සහ ඒකකයන්හි රාජකාරි කරනු ලබන භටපිරිස් නිර්මාණය කරන ලද අලංකාරවත් පොසොන් පහන් කූඩු රැසක් ද ඇතුළත් විය.

පොසොන් උත්සවයට සමගාමීව පනාගොඩ යුද්ධ හමුදා ජනපදයෙහි පිහිටි ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර සහ රෙජිමේන්තු මධ්‍යස්ථානයන් එක්ව හෝමාගම මහින්ද රාජපක්‍ෂ විද්‍යාල පරිශ්‍රයේ දී ‘බත් දන්සැලක්’ සංවිධානය කරන ලදී. ඒ සඳහා අවශ්‍ය ආහාර ද්‍රව්‍ය ප්‍රදේශයේ සිවිල් ආයතන විසින් ලබාදුන් අතර, යුද්ධ හමුදා භටපිරිස්හි දායකත්වයෙන් පිසින ලද ආහාර පොසොන් කලාපය නැරඹීමට පැමිණි බැතිමතුන් වෙත පිරිනමන ලදී.

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ විසින් ලබා දුන් උපදෙස් මත ශ්‍රී ලංකා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක, මේජර් ජෙනරල් ඩබ්ලිව් ඒ.එස්.එස් වනසිංහ ආර්එස්පී යූඑස්පී එන්ඩීයූ, ආරක්‍ෂක සේනා මූලස්තානය - බටහිර ආඥාපති මේජර් ජෙනරල් ඩී.බී.කේ.ඩී පුස්සැල්ල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ඇතුළු රෙජිමේන්තු මධ්‍යස්ථානයන්හි මධ්‍යස්ථාන සේනාවිධායකවරුන්ගේ අධීක්‍ෂණය යටතේ එම පොසොන් උත්සවය සංවිධානය කරන ලදී.