Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

05th June 2023 19:42:03 Hours

යුද්ධ හමුදා භටපිරිස් තුණුක්කායි ප්‍රදේශයේ පාසල් දෙකක ක්‍රීඩාංගනයන් ප්‍රතිසංස්කරණය කරයි

ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 65 පාබල සේනාංකයේ 17 (සෙව්) ශ්‍රී ලංකා පාබල හමුදා භටපිරිස් මූලිකත්වයෙන් තේවන්පිඩ්ඩි රෝමානු කතෝලික රජයේ දමිළ මිශ්‍ර පාසලේ ක්‍රීඩා පිටිය සහ වෙල්ලන්කුලම් රජයේ දමිළ මිශ්‍ර පාසලේ අත්පන්දු ක්‍රීඩා පිටිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩසටහනක් එම පාසල් බලධාරීන්ගේ ඉල්ලීම මත ක්‍රියාත්මක කරනු ලැබීය.

65 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඊ.ඒ.ඩී.පී එදිරිසිංහ පීඑස්සී ගේ සහ 651 පාබල සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් කේ.එම්.ඩබ්ලිව් බණ්ඩාර ආර්එස්පී ගේ උපදෙස් මත භටපිරිස් විසින් සති කිහිපයක් ඇතුළත ක්‍රීඩා පිටිය සහ වොලිබෝල් පිටිය ප්‍රතිසංස්කරණය කර නැවත එම පාසල් වෙත භාරදෙනු ලැබීය.

රණවිරු සැමරුම් දිනයට සමගාමීව ජාතික විජයග්‍රහණ දිනය යෙදී තිබූ මැයි මස 19 වන දින ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ 651 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන් විසින් එම පාසල් වෙත ගොස් ව්‍යාපෘතිවේ වැඩකටයුතු අධ්‍යනය කර අදාල බලධාරීන් දැනුවත් කරනු ලැබීය.

17 (සෙව්) ශ්‍රී ලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරී මේජර් එච්.එම්.ජේ ප්‍රේමතිලක විසින් මෙම ව්‍යාපෘතීන් අධීක්‍ෂණය කරන ලද අතර, එම ඒකකයේ භටපිරිස් විසින් ඒ සඳහා අවශ්‍ය ශ්‍රම දායකත්වය සහ තාක්‍ෂණික දැනුම ලබා දෙනු ලැබීය.

පාසල්වල වල විදුහල්පතිවරු සහ කාර්යය මණ්ඩලය යුද්ධ හමුදාව විසින් සිදුකරනු ලැබූ මෙම වැඩසටහන් ඇගයීමට ද ලක්කලේය.

ප්‍රතිසංස්කරණය කරන ලද ක්‍රීඩා පිටිය සහ අත්පන්දු ක්‍රීඩා පිටිය එම පාසල් හි ප්‍රයෝජනය සඳහා ලබාදීමේ අවස්ථාවන් සඳහා යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසු නිලයින් සහ පාසල් කාර්ය මණ්ඩලය සහභාගී වූහ.