Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

06th June 2023 17:31:56 Hours

54 පාබල සේනාංකයේ ‘පොසොන්’ කලාපයට සියලු ආගම්වල ජනතාවගේ ප්‍රසාදය

ආරක්‍ෂක සේනා මුලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත මන්නාරම ප්‍රදේශයේ පිහිටි 54 පාබල සේනාංකයේ භටපිරිස් විසින් පොසොන් පොහෝ දින (පෙබරවාරි 3) මන්නාරම තල්ලඩි ප්‍රදේශයේ දර්ශණීය පොසොන් කලාපයක් සංවිධානය කරන ලදී.

පොසොන් කලාපය ‘බත් දන්සලක්’, මිහින්තලා අනුරුවක්, වර්ණවත් පොසොන් පහන් කූඩු සහ භක්ති ගීත සංදර්ශනයකින් සමන්විත විය.

54 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඩබ්ලිව්.එච්.ආර්.ආර්.වී.එම්.එන්.ඩී.කේ.බී නියංගොඩ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී ගේ උපදෙස් මත මෙම උත්සවය සංවිධානය කරනු ලැබු අතර, 541, 542, 543 යන පාබල බලසේනාවලට අයත් භටපිරිස් පොසොන් කලාපය සංවිධානය කරන ලදී.

සමාරම්භක උත්සව අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් සී.ඩී රණසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී සමගින් මන්නාරම දිස්ත්‍රික් ලේකම් ඒ. ස්ටැන්ලි ද මෙල් මහත්මිය සහභාගී වූහ. තවද එම අවස්ථාව සඳහා බලසේනාධිපතිවරුන්, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරීන් සහ 54 පාබල සේනාංකයේ නිලධාරින් සහ සෙසු නිලයින් පිරිසක් සහභාගී වූහ.

54 පාබල සේනාංකය විසින් පවත්වනු ලැබු ‘පොසොන්’ කලාපය නැරඹීම සඳහා පැමිණි ප්‍රදේශයේ විවිධ ආගම්වලට සහ සංස්කෘතීන්ට අයත් 4000කට අධික සිවිල් ජනතාව භට පිරිස් විසින් සපයන ලද ‘බත් දන්සැල’ භුක්ති වින්දහ.