Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

06th June 2023 17:36:40 Hours

11 පාබල සේනාංකයේ සම්බන්ධීකරණයෙන් වියළි ආහාර සලාක පාර්සල් සහ පාසල් උපකරණ බෙදාදීමේ වැඩසටහනක්

‘පොසොන්’ පොහොය දිනය වෙනුවෙන් 11 පාබල සේනාංකයේ භටපිරිස් සම්බන්ධීකරණයෙන් මාතලේ, ඕවිල්කන්ද ප්‍රදේශයේ ආර්ථික දුෂ්කරථා මධ්‍යයේ දිවි ගෙවන අඩු ආදායම්ලාභී පවුල් 71ක් සඳහා වියළි ආහාර සලාක පාර්සල් සහ පාසල් උපකරණ බෙදාදීමේ සමාජ සත්කාරක වැඩසටහනක් පසුගිය සෙනසුරාදා (03) දින සංවිධානය කරන ලදී.

ප්‍රදේශයේ දානපතියන් කිහිප දෙනෙකුගේ මූල්‍යමය දායකත්වයෙන් වටිනාකම රුපියල් 5000.00 ක වියළි ආහාර සලාක සහ පාසල් උපකරණ ඇතුලත් පාර්සල් බෙදාදීම සිදුකරනු ලැබීය.

11 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එස්.ආර්.බී අලුවිහාරේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී එම පාර්සල් කිහිපයක් ප්‍රතිලාභීන්ගේ නිවෙස් වෙත ලබාදෙමින් වැඩසටහන සංකේතාත්මකව ආරම්භ කරන ලදී.

යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ සෙසුනිලයින් අනෙකුත් පාර්සල් තොගය අදාල ප්‍රතිලාභීන්ගේ නිවෙස් වෙතටම ගෙන ගොස් ලබා දෙන ලදී.