Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

03rd May 2023 10:25:27 Hours

පාකිස්ථානු යුද්ධ හමුදා විද්‍යාපීඨයේ ‘විදේශීය රන් පදක්කම’ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ කැඩෙට් නිලධාරි වෙත පිරිනමයි

පාකිස්ථානයේ කාකුල් (Kakul) හි ස්ථාපිත යුද්ධ හමුදා විද්‍යාපීඨයේදී අප්‍රේල් 29 (සෙනසුරාදා) දින පැවති කැඩෙට් නිලධාරීන්ගේ විසිර යාමේ පෙළපාලියේදී පාකිස්ථානු හමුදා මාණ්ඩලික ප්‍රධානී විසින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ කැඩෙට් නිලධාරි පසිඳු දයානන්ද වෙත පාකිස්ථානු හමුදාවේ ‘විදේශීය ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානීන්ගේ කමිටුවේ සභාපතිවරයාගේ රන් පදක්කම’ පිරිනමන ලදී.

පාකිස්ථානු යුද්ධ හමුදා විද්‍යාපීඨයේ කැඩෙට් නිලධාරි පාඨමාලා අංක 147 සඳහා 13 වන මුජාහිඩ් පාඨමාලාව, 66 වන ඒකාබද්ධ පාඨමාලාව, 6 වන මූලික යුද්ධ හමුදා පුහුණු පාඨමාලාව සහ 21 වන කාන්තා කැඩෙට් නිලධාරිනී පුහුණු පාඨමාලාවන් අන්තර්ගත වූ අතර, එම පාඨමාලාවන් අවසන්කරන ලද කැඩෙට් නිලධාරින් සහ නිලධාරීනියන්ගේ විසිර යාමේ පෙළපාලියට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස පාකිස්ථාන හමුදා ප‍්‍රධානී ජෙනරල් සයිඩ් අසීම් මුනීර් (General Syed Asim Munir ) සහභාගී විය.

මෙම පාඨමාව සඳහා ශ්‍රී ලංකාව, පලස්තීනය, බහරේන්, කටාර් සහ ඉරාකය නියෝජනය කරමින් විදේශීය කැඩෙට් නිලධාරින් සහ නිලධාරීනියන් 750 කට වැඩි පිරිසක් සහභාගී වූහ.

විසිර යාමේ උත්සව අවස්ථාව දැකබලා ගැනීම සඳහා පාකිස්ථානයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක, පාකිස්ථානයේ ජාතික ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ පාඨමාලාව හදාරන නිලධාරීන්, විදේශීය නියෝජිතයින්, සම්භාවනීය ආරාධිතයින්, නිලධාරීන් සහ සෙසු නිලයින්, කැඩෙට් නිලධාරින්ගේ දෙමාපියන් සහ ඥාතීන් රැසක් සහභාගී වූහ.

උත්සව අවස්ථාවට සපැමිණි ජෙනරල් සයිඩ් අසීම් මුනීර් එම විද්‍යා පීඨයේ සේනාවිධායක විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබූ අතර, එහිදී කැඩෙට් නිලධාරින් විසින් එතුමන් වෙත සම්මාන පෙළපාලියේ ගෞරවාචාරය පිරිනමනු ලැබූහ.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ කැඩෙට් නිලධාරි පසිඳු දයානන්ද ‘විදේශීය ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානී කමිටුවේ සභාපති රන් පදක්කමෙන්’ පිදුම් ලැබූ අතර, ගෞරවනීය අසිපත එම විද්‍යා පීඨයේ කැඩෙට් නිලධාරි අබ්දුල්ලා බින් තාරික් (Abdullah Bin Tariq) වෙත පිරිනමන ලදී. කැඩෙට් නිලධාරි පාඨමාලා අංක 147 හි කැඩෙට් නිලධාරි අලි අමීර් (Ali Amir) වෙත ජනාධිපති රන් පදක්කමත් 13 වන මුජාහිඩ් පාඨමාලාවේ කැඩෙට් නිලධාරි මුහම්මද් අද්නාන් මුනාවර් (Muhammad Adnan Munawar) වෙත පාකිස්ථානු හමුදා මාණ්ඩලික ප්‍රධානී යෂ්ඨියත් පිරිනමන ලදී.

පාකිස්ථානු යුද්ධ හමුදා ප්‍රමුඛතම පුහුණු පාසලක් වන පාකිස්ථානු යුද්ධ හමුදා විද්‍යාපීඨය මගින් සාර්ථකව පුහුණුව නිම කල කැඩෙට් නිලධාරින්ට සහ ඔවුන්ගේ දෙමාපියන් වෙත ජෙනරල් සයිඩ් අසීම් මුනීර් විසින් සිය සුබ පැතුම් එක්කරන ලදී.