27th January 2023 23:50:49 Hours
231 වන බලසේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 11 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් හි සම්බන්ධීකරණය මත මංගලගම ප්‍රදේශයේ ආර්ථික අපහසුතා මධ්‍යයේ දිවිගෙවන සිවිල් වැසියන් වෙනුවෙන් මංගලගම ශ්‍රී ධර්මාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී ජනවාරි මස 17 දින පරිත්‍යාග වැඩසටහනක් පැවැත්වීය.
මෙම පරිත්‍යාග වැඩසටහන යටතේ සිවිල් වැසියන් 61 දෙනෙකුට බුද්ධ ප්‍රතිමා සහ බෝධි පූජා පොත් මෙන්ම ආබාධිත සිවිල් වැසියන් තිදෙනෙකුට රෝද පුටු ද පරිත්‍යාග කෙරිණි. පසුව, එම ආබාධිත සිවිල් වැසියන්ගෙන් එක් අයෙකුට රු. 10,000.00 ක වටිනාකමකින් යුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සහ වියළි ආහාර සලාක මෙන්ම තවත් ආබාධිත සිවිල් වැසියෙකුට වායු මෙට්ටයක් ද ප්රදානය කරන ලදී.
ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර සම්බන්ධීකරණය මත ‘මනුසත් හදවත’ සහ ‘දහමල’ සමාජ සේවා පදනම ඒකාබද්ධව මෙම වැඩසටහන සඳහා අනුග්‍රහකත්වය දැක්වීය. ආරක්ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් සුජීව හෙට්ටිආරච්චි සහ 23 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ෂෙවාන්ත් කුලතුංග ගේ මඟපෙන්වීම සහ 231 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් දිලූප බණ්ඩාර, 231 වන බලසේනාවේ සිවිල් සම්බන්ධීකරණ නිලධාරී ලුතිනන් කර්නල් ඩබ්ලිව්.ජී.එන්.ඩී. වීරසිංහ සහ 11 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී මේජර් ඩී.එම්.එන්. පද්මසිරි ගේ අධීක්ෂණය මත මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී.
මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 231 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් දිලූප බණ්ඩාර සහභාගි විය. එමෙන්ම, ‘මනුසත් හදවත පදනමේ’ සම්බන්ධීකාරක ශෂිකලා ගුණරත්න මෙනවිය, ‘දහමල පදනමේ’ සම්බන්ධීකාරක නදී සමරසිංහ මෙනවිය, 231 වන බලසේනාවේ සිවිල් සම්බන්ධීකරණ නිලධාරි, 11 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි, ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසුනිලයන් සහ සිවිල් වැසියන් පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගි වූහ.