Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

27th January 2023 23:47:37 Hours

යාපනය ප්‍රදේශයේදී දිවිපිදූ ඉන්දීය සාම සාධක රණවිරුවන් අනුස්මරණය කරයි

වර්ෂ 1987-1990 කාලය තුලදී එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන්ට එරෙහිව මෙරටදී සටන් වැදුණු ඉන්දීය සාම සාධක හමුදාවේ (IPKF) දිවිපිදූ රණවිරුවන් අනුස්මරණය කිරීමේ උත්සවයක් ඉන්දියානු ජනරජ දිනයට සමගාමීව පසුගිය බ්‍රහස්පතින්දා (26) දින පලාලි ප්‍රදේශයේ පිහිටි ඉන්දීය සාම සාධක හමුදා රණවිරු ස්මාරකය අභියසදී පවත්වනු ලැබීය.

ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය සහ යාපනය ප්‍රදේශයේ ස්ථාපිත ශ්‍රී ලංකා ඉන්දීය කොන්සල් ජෙනරාල් කාර්යාලයේ සහයෝගය ඇතිව මෙම අනුස්මරණ උත්සවය සංවිධානය කරන ලදී. යාපනය ප්‍රදේශයේ ශ්‍රී ලංකා ඉන්දීය කොන්සල් ජෙනරාල් ශ්‍රී රාකේෂ් නට්‍රාජ් මහතා සහ ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් ස්වර්ණ බෝතොට රණවිරු ස්මාරකය වෙත පුුෂ්පෝපහාර පුදකරමින් දිවිපිදූ ඉන්දීය රණවිරුවන් වෙත ගෞරවාචාර දැක්වීය.

මෙම උත්සව අවස්ථාව සඳහා යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, ශ්‍රී ලංකා ඉන්දීය කොන්සල් ජෙනරාල් කාර්යාලයේ නිලධාරීන් සහ යුද්ධ හමුදා භටපිරිස් ද සහභාගි වූහ.