Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

23rd January 2023 16:00:39 Hours

මන්නාරම භටපිරිස් සහ බලප්‍රදේශ‍යේ ග්‍රාම නිලධාරීන් අතර අන්‍යෝන්‍ය සුහදත්වය වර්ධනය කිරිමේ වැඩසටහනක්

ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 54 වන පාබල සේනාංකයට අයත් 541 පාබල බලසේනා මූලස්ථානය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහයෝගය ඇතිව එම ප්‍රෙද්ශයේ සිවිල් වැසියන්ට මතුවන විවිධ ගැටළු නිරාකරණය කරදීමේ අරමුණින් යුතුව 12 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා ඒකක බලප්‍රෙද්ශයේ පිහිටි කුරෙයි සහ වෙඩිතලතිව් ග්‍රාම නිලධාරි වසම්වල හා 10 වන (ස්වේච්ඡා) ගැමුණු හේවා බලඇණි ඒකක බලප්‍රෙද්ශයේ ස්ථාපිත මනතායි බටහිර, නානත්තන් සහ මන්නාරම, සිරිනාත්කුලම් සහ මන්නාරම ප්‍රදේශයන්වල රාජකාරියේ නිරත ග්‍රාම නිලධාරින් සමඟ සුහඳ හමුවක් 2023 ජනවාරි මස 19 දින සහ 20 දින තුළ එම ඒකකයන් තුළ පවත්වන ලදී.

12 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව සහ 10 වන (ස්වේච්ඡා) ගැමුණු හේවා ඒකකයේ අණදෙන නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාවන්වලදී අඩු ආදායම්ලාභී පවුල්වල අත්දැකීම්, ගොවීන්ගේ අවශ්‍යතා, සිසුන්ගේ සහ දෙමාපියන්ගේ අවශ්‍යතා, යටිතල පහසුකම් හිඟය සහ විවිධ ගැටලු පිළිබද සාකච්ඡා කරන ලදී. එහිදි ඔවුන්ගේ අස්වැන්න ප්‍රවාහනය, ආර්ථිකයට ඇතිවන බාධාවන් යනාදිය සිවිල් - හමුදා සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම කෙරෙහි විශේෂයෙන් අවධානයට ලක්විය.

එම සම්බන්ධීකරණ සාකච්ඡාවන් සඳහා ග්‍රාමසේවා නිලධාරීන් 45 දෙනෙකු සහභාගී වූ අතර එහිදි ඔවුන් තම අදහස් ප්‍රකාශ කරමින් ප්‍රදේශවල දැවෙන ප්‍රශ්ණවල ස්වභාවය පෙන්වා දී එය විසඳීමට යුද්ධ හමුදාවේ සම්බන්ධීකරණය සහ ඊට අවශ්‍ය සහාය ලබා ගැනීමට ඇති හැකියාව පිළිබඳව ද අවධානයට ලක්විය.

54 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් නලින් නියංගොඩ සහ 541 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් දසන්ත මුණසිංහ විසින් එම සාකච්ඡා පැවැත්වීම සම්බන්ධයෙන් අදාළ අණදෙන නිලධාරීන් දෙදෙනා වෙත අවශ්‍ය මාර්ගෝපදේශයන් සහ උපදෙස් ලබා දෙන ලදී.