Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

23rd January 2023 16:40:39 Hours

652 වන බලසේනාවේ මූලිකත්වයෙන් නද්දන්කන්ඩාල් රජයේ දමිළ මිශ්‍ර පාසලේ සිසු සිසුවියන්ට බැඩ්මින්ටන් ක්‍රීඩා පිටියක්

මාන්තෛ, නද්දන්කන්ඩාල් රජයේ දමිළ මිශ්‍ර පාසලේ බලධාරීන්ගේ ඉල්ලීමකට අනුව 652 වන බලසේනාවේ භටපිරිස් විසින් එම විද්‍යාලයේ බැඩ්මින්ටන් ක්‍රීඩාව සඳහා උනන්දුවක් දක්වන සිසු සිසුවියන්ගේ අවශ්‍යතාවයක්ව පැවති බැඩ්මින්ටන් ක්‍රීඩා පිටියක් ඉදිකර පසුගිය බදාදා (18) දින සිසු අයිතියට පවරනු ලැබීය.

ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි ගේ උපදෙස් හා 65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ප්‍රසාද් එදිරිසිංහ ගේ මගපෙන්වීම මත 652 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් සංජීව වනසේකර විසින් මෙම ව්‍යාපෘතිය ආරම්භ කරන ලදී.

652 වන බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ ආරාධනයකට අනුව මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 65 වන සේනාංකයේ සේනාංකාධිපතිතුමන් සහභාගී විය.

මෙම අවස්ථාව සඳහා මාන්තෛ නැගෙනහිර ප්‍රාදේශීය ලේකම්, ග්‍රාම නිලධාරින් සහ ව්‍යාපෘතිය සිදුකරනු ලැබූ 652 වන බලසේනාවේ සාමාජිකයන් ද සහභාගි වූහ.