18th January 2023 18:30:47 Hours
ඒ.එස්.කේ (ASK) Media පුද්ගලික ආයතනයේ සභාපති එස්.එස් කුහනාදන් මහතාගේ ආරාධනයකට අනුව "දන් පුදියවිදියල්" (Dan Pudiyavidiyal) පාපන්දු තරඟාවලියේ අවසන් තරඟයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් ස්වර්ණ බෝතොට සහභාගී විය.
මෙම පාපන්දු තරඟාවලිය ඩෑන් රූපවාහිණි නාලිකාව විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන අතර, අවසන් මහා තරඟය ඉකුත් සඳුදා (16) දින යාපනයේ ඇල්ෆ්‍රඩ් දොරේඅප්පා ක්‍රීඩාංගණයේදී පාපන්දු ලෝලීන්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.
තරඟාවලිය 2022 ඔක්තෝබර් මස 29 සිට 2023 ජනවාරි මස 16 දින දක්වා පැවති අතර තරගාවලියේ ශූරතාවය ශාන්ත මරියා පාපන්දු කණ්ඩායම විසින් හිමිකර ගත්හ. එහිදි ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් ශූරතාවය සහ අනුශූරතාවය දිනාගත් කණ්ඩායම් සඳහා කුසලාන, පදක්කම් සහ පලිහ ප්‍රදානය කරන ලදී.
මෙම තරගාවලිය නැරඹීම සඳහා විශාල ප්‍රේක්ෂක පිරිසක් සමඟ සිවිල් ආරාධිතයින් රැසක් පැමිණ සිටි අතර, යාපනය දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාපන්දු කණ්ඩායම් රැසකගේ සහභාගීත්වයෙන් තරගාවලිය පැවැත්විණි.