Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

13th December 2022 18:13:42 Hours

බලඇණි ආධාරක අවි පුහුණු පාඨමාලා අංක - 83 සාර්ථකව හැදෑරූ නිලධාරීන් වෙත සහතික පත්‍ර පිරිනැමේ

මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානය වෙතින් පවත්වනු ලැබූ බලඇණි ආධාරක අවි නිලධාරි පාඨමාලා අංක - 83 හි අවසන් දින දේශණය සහ පාඨමාලාව සාර්ථකව හැදෑරූ නිලධාරීන් වෙත සහතිකපත් ප්‍රදානය කිරීමේ උත්සවය පසුගිය අඟහරුවාදා (13) දින එම පුහුණු මධ්‍යස්ථානයේදී පැවැත්විණි.

එම පාඨමාලාව සැප්තැම්බර් මස 12 වන දින සිට දෙසැම්බර් මස 13 වන දින දක්වා මාස තුනක කාලයක් මුළුල්ලේ පැවති අතර, ඒ සඳහා යුද්ධ හමුදාවේ නිලධාරීන් 18 දෙනෙකු, නාවික හමුදාවේ එක් නිලධාරීයෙකු සහ ගුවන් හමුදාවේ එක් නිලධාරියෙකු ඇතුළු නිලධාරීන් 20 දෙනෙකු සහභාගී වූහ.

උත්සව අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානයයෙහි සේනාවිධායක බ්‍රිගේඩියර් චන්දන ර‍‍ණවීර විසින් අවසන් දින දේශණය පවත්වන ලද අතර, අනතුරුව මෙම පාඨමාලා සඳහා සහභාගී වූ ශිෂ්‍ය නිලධාරීන් වෙත සහතිකපත් ප්‍රදානය කිරීම සිදුකරන ලදී. මෙම අවස්ථාවට මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානයයෙහි අණදෙන නිලධාරී කර්නල් වසන්ත ජයලත්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ ශිෂ්‍ය නිලධාරීන් සහභාගි වූහ.

පාඨමාලාවේ ශිෂ්‍ය නිලධාරීන් 20 දෙනා අතරින් ප්‍රථමස්ථානය හිමිකර ගත් 12 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ කපිතන් එම්.ටී.එන්.කේ පෙරේරා විසින් දක්‍ෂතම ශිෂ්‍ය නිලධාරීට හිමි සම්මානය හිමිකර ගන්නා ලදී.