Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

13th December 2022 18:15:22 Hours

ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි මධ්‍යම ශ්‍රේණියේ නිලධාරීන්ගේ දැනුම වර්ධනය කිරිමේ වැඩමුළුවක්

ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි භූගෝලීය තොරතුරු පද්ධතිය (GIS) සහ හමුදාව තුළ එහි භාවිතය, භෝජනාගාර ගිණුම්, හමුදා ලිපි හුවමාරුව, සාමාන්‍ය නීතිය, මැදිහත්වීමේ රීති සහ ගෘහස්ථ හා එළිමහන් ක්‍රීඩා කිහිපයක් පිළිබඳ මධ්‍යම ශ්‍රේණියේ නිලධාරීන්ගේ දැනුම වර්ධනය කිරීමේ වැඩමුළුවක් දෙසැම්බර් මස 8 සිට 10 දින දක්වා දින තුනක් ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි පරිශ්‍රයේ දී පවත්වන ලදී.

ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් චම්පක රණසිංහ ගේ උපදෙස් පරිදි සංවිධානය කරනු ලැබු මෙම වැඩමුළුව යුද්ධ හමුදාවේ මනා සුදුසුකම් ලත් නිලධාරීන් සහ උපදේශකවරුන් විසින් මෙහෙයවනු ලැබු අතර, ඒ සඳහා මධ්‍යම ශ්‍රේණියේ නිලධාරීන් 61 දෙනෙකු සහභාගී වූහ.

මෙම වැඩමුළුවෙන් අනතුරුව 56 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් මංජුල කාරියවසම් ‘ඩයිනර්ස් ක්ලබ්’ ('Diners Club) හී පැවැති හමුවකදී විශේෂ දේශනයක් ද පවත්වන ලදී.