Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

13th December 2022 18:00:03 Hours

ලෝක ආරක්‍ෂක සේවා ටයිකොන්ඩෝ කමිටුවේ සභාපති ධූරය ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට

ලෝක ආරක්‍ෂක සේවා ටයිකොන්ඩෝ කමිටුව නියෝජනය කරමින් ප්‍රථම ශ්‍රී ලාංකික සභාපතිවරයා ලෙස පත් කර ඇති ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ මේජර් ආර්. බී. එන් රත්නායක යුද්ධ හමුදාපතිතුමන්ගේ උපදෙස් මත නොවැම්බර් 22-27 වන දිනයන්හි ඉරානයේ ටෙහෙරාන් නුවර පැවති 26 වැනි ලෝක ආරක්‍ෂක සේවා ටයිකොන්ඩෝ ශූරතාවලියට සහභාගි විය.

රටවල් 14 ක් නියෝජනය කරමින් ක්‍රීඩකයින් සහභාගී වූ මෙම ලෝක ආරක්‍ෂක සේවා ටයිකොන්ඩෝ ශූරතාවලිය සඳහා සම්භාවනීය අමුත්තන් ලෙස ඉරාන හමුදා ප්‍රධානී මේජර් ජෙනරල් අබ්දුල් රහීම් මවුසාවි (Major General Abdul Rahim Mousavi) සහ ඉරාන යුද හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී බ්‍රිගේඩියර් ජෙනරල් මොහොමඩ් හුසේන් ඩඩ්රාස් (Brigadier General Mohammad-Hossein Dadras) සහභාගි වූහ.

මෙම ශූරතාවලියේදී මේජර් රත්නායක ලෝක ආරක්‍ෂක සේවා ටයිකොන්ඩෝ කමිටුවේ නිලධාරීන් විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබූ අතර, එම කමිටුවේ සභාපතිවරයා වශයෙන් තරඟාවලියේ සංවිධාන කටයුතු මෙහෙයවීමට ද හෙතෙම කටයුතු කළේය.