Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

03rd December 2022 19:05:06 Hours

යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ නව රෙජිමේන්තු අධිපති රාජකාරි අරඹයි

ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් දීපාල් පුස්සැල්ල විසින් 2022 දෙසැම්බර් මස 01 දින දඹුලුහල්මිල්ලෑව ප්‍රදේශයේ පිහිටි යාන්ත්‍රික පාබල රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී 14 වන රෙජිමේන්තු අධිපති ලෙස වැඩ භාර ගන්නා ලදී.

යාන්ත්‍රික පාබල රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත සපැමිණි මේජර් ජෙනරල් දීපාල් පුස්සැල්ල වෙත ප්‍රධාන දොරටුව අභියසදී භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පිරිනමනු ලැබීය. පසුව එතුමන් 61 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් උදය හේරත් සහ 66 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ජානක ප්‍රියදර්ශන විසින් පිළිගැනීමෙන් අනතුරුව නව ධූරයේ රාජකාරී භාරගැනීමේ උත්සවය ආරම්භ කරන ලදී. එම අවස්ථාව සඳහා යාන්ත්‍රික පාබල බලසේනාවේ සේනාවිධායක බ්‍රිගේඩියර් කාවින්ද බාලසූරිය සහ යාන්ත්‍රික පාබල රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් අනුර අබේසිංහද සහභාගි වූහ.

මේජර් ජෙනරල් දීපාල් පුස්සැල්ල යාන්ත්‍රික පාබල රෙජිමේන්තු මධ්‍යස්ථානයේ රණවිරු ස්මාරකය අභියසදී දේශය වෙනුවෙන් දිවිපිදු වීරෝදාර රණවිරුවන් සිහි කරමින් ඔවුන් වෙත ගෞරවාචාර දක්වන ලදී. අනතුරුව එම රෙජිමේන්තු මධ්‍යස්ථාන සරඹ භූමියේදී භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානූකූල සම්මාන මුරයේ ගෞරවාචාරය එතුමන් වෙත පුදකරන ලද අතර එම අවස්ථාව සිහිවනු වස් කඳවුරු පරිශ්‍රයේ පැළයක්ද රෝපණය කළේය.

මේජර් ජෙනරල් දීපාල් පුස්සැල්ල විසින් බෞද්ධ ආගමික වති වතාවත් සහ හමුදා සම්ප්‍රදායානුකූලව යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ 14 වන රෙජිමේන්තු අධිපති ලෙස නව ධූරයේ රාජකාරි භාරගැනිමෙන් පසු එම රෙජිමේන්තුවේ නිලධාරීන් අමතන ලදි. ඉන් අනතුරුව රෙජිමේන්තු මධ්‍යස්ථානය විසින් සංවිධානය කරන ලද සියලු නිල දිවා භෝජන සංග්‍රහයකින් පසු එදිනට නියමිත වැඩසටහන නිමාවට පත්විය.