Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

30th November 2022 15:56:36 Hours

විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ නිලධාරීන්ට රථවාහන නඩත්තුව පිළිබඳව වැඩමුළුවක්

විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරල් රන්ජන් ජයසේකර ගේ සංකල්පයකට අනුව ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ යාන්ත්‍රික හා ඉංජිනේරු අංශයන්හී සේවයේ නියුතු නිලධාරින්ගේ දැනුම වැඩිදියුණු කිරීමේ අරමුණින් නිසාන් (Nissan), සුෂුකි (Suzuki) සහ යමහා (Yamaha) රථවාහන සඳහා බලයලත් අලෙවි නියෝජිත ආයතන සමඟ එක්ව Associated Motorways පුද්ගලික සමාගම විසින් නොවැම්බර් මස 24 දින සිට 25 දින දක්වා කොළඹ-02, යුනියන් පෙදෙසේ පිහිටි AMW ශ්‍රවණාගාර පරිශ්‍රයේදී ‘වැඩපළ කළමනාකරණය සහ රථවාහන නඩත්තුව’ පිළිබඳව වැඩමුළුවක් පැවැත්විණි.

ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ නිලධාරීන් 20 දෙනෙකුගේ සහභාගීත්වයෙන් පැවති මෙම වැඩමුළුව අධ්‍යක්‍ෂ ස්ටෙෆාන් රීඩ් (Mr Stephan Reid), යොහාන් ද සොයිසා සහ ජ්‍යෙෂ්ඨ කළමනාකරු පුහුණු හා සංවර්ධන පණ්ඩුල මඩුගල්ල යන මහතුන්ගේ මෙහෙයවීමෙන් පැවති අතර එහිදී, වැඩමුළුවේ මාතෘකාව ඔස්සේ විවිධ පැතිකඩයන් පිළිබඳ කරුණු සාකච්ඡාවට බඳුන් විය.

මෙම අවස්ථාව සඳහා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරල් රන්ජන් ජයසේකර ද සහභාගී වූහ.