Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

15th October 2022 10:43:40 Hours

තුඹලියද්ද ප්‍රදේශයේ පස්කන්දක් කඩාවැටීම නිසා යට වූ මවගේ සහ පුතුගේ මළ සිරුරු සොයා ගැනේ

611 වන බලසේනාවේ, 1 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සහ 8 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් එක්ව අඟුරුවැල්ල, තුඹලියද්ද ප්‍රදේශයේ දෙමහල් නිවසක් මතට පස්කන්දක් කඩාවැටීම නිසා එම නිවැසියන් බේරා ගැනීමට සිදුකරනු ලැබූ මෙහෙයුමකින් පසුව නිවසේ සිරවී සිටි මවගේ සහ පුතුගේ මළ සිරුරු සෙනසුරාදා (15) දින සොයාගන්නා ලදී.

නිවස මතට පස්කන්දක කඩාවැටුනු අවස්ථාවේදී එම නිවසේ සාමාජිකයෙකු අවශ්‍යතාවයක් සඳහා නිවසින් බැහැරව සිට ඇත.

ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් දීපාල් පුස්සැල්ල ගේ උපදෙස් මත 61 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් මොහාන් රත්නායක සහ 611 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් සුජීව එරේගොඩ ගේ අධීක්‍ෂණය යටතේ 1 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිළධාරී ලුතිනන් කර්නල් ශ්‍රී සමරසිංහ, 8 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිළධාරී මේජර් අජිත් ඒකනායක, ආපදා කළමනාකරණ නිලධාරීන් සමඟ සම්බන්ධතාවයෙන් යුතුව 61 වන සේනාංකය යටතේ සේවයේ නියුතු භටපිරිස් විසින් ගලවා ගැනීමේ සහන සේවා කටයුතු සිදුකරනු ලබයි.