Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

11th October 2022 18:02:55 Hours

73 වන යුද්ධ හමුදා සංවත්සර උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් පනාගොඩ යුද්ධ හමුදා ජනපදයේදී රාත්‍රී භෝජන සංග්‍රහයක්

පනාගොඩ යුද්ධ හමුදා ජනපදයේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් අතර සුහදත්වය, සහයෝගීතාවය සහ සාමූහිකත්වය ඇති කිරීමේ අරමුණ පෙරදැරිව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ගේ මූලිකත්වයෙන් සඳුදා (10) දින සන්ධ්‍යාවේ රාත්‍රී භෝජන සංග්‍රහයක් පැවති අතර, ඒ සඳහා යුද්ධ හමුදාවේ සියලු රෙජිමේන්තු නියෝජනය කරමින් යුද්ධ හමුදා සාමාජිකයින් පිරිසක් සහභාගී වූහ.

2009 වසරේදී ත්‍රස්තවාදය තුරන් කිරීමෙන් අනතුරුව පැවති 60 වන යුද්ධ හමුදා සංවත්සර දිනයේදී හඳුන්වා දුන් මෙම රාත්‍රී භෝජන සංග්‍රහය එතැන් සිට මේ දක්වා සාර්ථකව පවත්වාගෙන යනු ලබන අතර වසරකට වරක් පැවැත්වෙන මෙම රාත්‍රී භෝජන සංග්‍රහය තුලින් යුද්ධ හමුදා සාමාජිකයින් එකිනෙකා හමුවී යුද්ධ හමුදා දිවියේ විවිධ ඵලදායී සාධකයන් පිළිබඳ අදහස් හුවමාරු කරගැනීමට මෙන්ම සුහදත්වය වර්ධනය කරගැනීමටද අවස්ථාව හිමිවනු ඇත.

මෙවර රාත්‍රී භෝජන සංග්‍රහය සඳහා යුද්ධ හමුදාවේ සියලු රෙජිමේන්තු නියෝජනය කරමින් සාමාජිකයන් සහභාගී වූහ. මෙම රාත්‍රී භෝජන සංග්‍රහය සඳහා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ අතර කර්නල් සේනාවිධායකවරුන් සහ රෙජිමේන්තු අධිපතිවරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද මෙම අවස්ථාවට එක්වූහ.