11th October 2022 13:05:34 Hours
7 වන සන්නද්ධ බුද්ධි බළකායට ලද තොරතුරකට අනුව 22 වන සේනාංකය යටතේ ස්ථාපිත 223 වන බලසේනාවේ බුද්ධි අංශ භටපිරිස්, සර්ධාපුර විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් සමග එක්ව පසුගිය ඉරිදා (9) දින කින්නියා ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 5 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගනු ලැබීය.
මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කින්නියා පොලිස් ස්ථානය වෙත භාරදෙනු ලැබීය.
ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර, 22 වන සේනාංකයේ සේනාංකාධිපති සහ 223 වන බලසේනාවේ බලසේනාධිපතිගේ අධීක්‍ෂණය යටතේ මෙම සෝදිසි කිරීම් කටයුතු සිදුකරනු ලැබීය.