Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

23rd September 2022 16:23:14 Hours

ගජබා රෙජිමේන්තුවේ ප්‍රවීණයකුගෙන් යුද්ධ හමුදාධිපතිතුමන්ට සුභපැතුම්

ගජබා රෙජිමේන්තුවේ ප්‍රවීන සාමාජිකයෙකු වන බ්‍රිගේඩියර් ඩබ්ලිව්ඒඑම් වීරසූරිය ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී (විශ්‍රාමික) විසින් පසුගිය බ්‍රහස්පතින්දා (22) දින යුද්ධ හමුදාධිපති කාරයාලයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ හමුවිය.

යුද්ධ හමුදාධිපතිතුමන් සහ බ්‍රිගේඩියර් ඩබ්ලිව්ඒඑම් වීරසූරිය ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී (විශ්‍රාමික) අතර පැවති මෙම සුහද හමුවේදී යුද්ධ හමුදාවේ සහ ගජබා රෙජිමේන්තුවේ ඉදිරි ප්‍රගතිය සදහා වැදගත්වන කරුණු කිහිපයක් පිළිබඳව සුහදව අදහස් හුවමාරු කරගත් අතර, එහිදී බ්‍රිගේඩියර් ඩබ්ලිව්ඒඑම් වීරසූරිය ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී (විශ්‍රාමික) විසින් යුද්ධ හමුදාධිපති ධූරයට පත්වීම සම්බන්ධව ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ වෙත සුබපැතුම් පිරිනමන ලදී.

සුහද හමුව අවසානයේ සුහදත්වය සංකේතවත් කරමින් ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ විසින් බ්‍රිගේඩියර් ඩබ්ලිව්ඒඑම් වීරසූරිය ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී (විශ්‍රාමික) වෙත සමරු තිළිණයක් ප්‍රදානය කරන ලදී.