Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

22nd September 2022 21:57:46 Hours

අභාවප්‍රාප්ත මේජර් ජෙනරල් පී.ඒ. කරුණාතිලක ආර්ඩබ්ලිව්පී (විශ්‍රාමික) ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හමුදා ගෞරවාචාර මධ්‍යයේ සිදුකෙරේ

වසර 32 කට අධික කාලයක් මවුබිම වෙනුවෙන් අනුපමේය සේවයක් ඉටුකළ ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ මේජර් ජෙනරල් පී.ඒ. කරුණාතිලක ආර්ඩබ්ලිව්පී (විශ්‍රාමික) ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු බ්‍රහස්පතින්දා (22) දින පස්වරුවේ රාගම, ඇල්දෙණිය සුසාන භූමියේදී පූර්ණ හමුදා ගෞරවාචාර මධ්‍යයේ සිදුකෙරිණි.

දිවංගත මේජර් ජෙනරල් පී.ඒ. කරුණාතිලක ආර්ඩබ්ලිව්පී (විශ්‍රාමික) ගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා යුද්ධ හමුදාධිපතිතුමන් නියෝජනය කරමින් යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කු සහභාගී වූ අතර විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ප්‍රධාන මාණ්ඩලික නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, යුද්ධ හමුදා අධ්‍යක්‍ෂ මණ්ඩලයන්හී අධ්‍යක්‍ෂවරුන් ඇතුළු තවත් ශෝකයට පත් පිරිසක් සහභාගී වූහ.

ජාතික කොඩියෙන් ආවරණය කරන ලද මේජර් ජෙනරල් පී.ඒ. කරුණාතිලක ආර්ඩබ්ලිව්පී (විශ්‍රාමික) ගේ මෘත දේහය හමුදා සම්ප්‍රදායානුකූලව කාතුගැල (Gun Carriage) මත තැන්පත් කර භටපිරිස් විසින් අවමංගල්‍ය පෙරහැරකින් සුසාන භූමිය වෙත රැගෙන යන ලදී. දිවංගත ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ පවුලේ සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් අවමංගල්‍ය පෙරහැර සුසාන භූමිය වෙත රැගෙන යාමෙන් පසුව යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින් විසින් දිවංගත මේජර් ජෙනරල් පී.ඒ. කරුණාතිලක ආර්ඩබ්ලිව්පී ගේ දේහය ආදාහනාගාරය වෙත භාරදෙනු ලැබූහ.

ඉන් අනතුරුව, යුද්ධ හමුදාධිපතිතුමන් විසින් නිකුත් කරන ලද විශේෂ නියෝග I (Special Part I Order) අවමංගල්‍ය සභාව ඉදිරියේ ප්‍රකාශ කිරීමෙන් අනතුරුව, හමුදා නිලධාරීයෙකුට ලැබිය හැකි ඉහළම ගෞරව උපහාරය ලබාදෙමින් යුද්ධ හමුදා සාමාජිකයින් විසින් වෙඩි මුර ගුවනට මුසු කරමින් දිවංගත මේජර් ජෙනරල් පී.ඒ. කරුණාතිලක ආර්ඩබ්ලිව්පී (විශ්‍රාමික) වෙත හමුදා සම්ප්‍රදායානූකූල අවසන් ගෞරවාචාර පුදකරනු ලැබූහ.

පසුව, හිරු නැගෙනා මොහොතේදිත් හිරු බැස යන මොහොතේදිත් වැයෙන යුද්ධ හමුදා බියුගල් නලා හඬ මෙම අවස්ථාවේදි වාදනය කරමින් අභාවප්‍රාප්ත මේජර් ජෙනරල් පී.ඒ. කරුණාතිලක ආර්ඩබ්ලිව්පී (විශ්‍රාමික) ගේ අවසන් ගමන පිළිබඳ සංවේදජනක ලෙස සිහිපත් කරන ලදි.

ඉන් අනතුරුව, යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කු විසින් හමුදා සම්ප්‍රදානුකූලව දිංවගත මේජර් ජෙනරල් පී.ඒ. කරුණාතිලක ආර්ඩබ්ලිව්පී (විශ්‍රාමික) සිය හමුදා දිවිය තුළ ලබාගත් පදක්කම් එතුමන්ගේ පවුලේ සාමාජිකයින් වෙත පිළිගන්වන ලදී. දිංවගත මේජර් ජෙනරල් පී.ඒ. කරුණාතිලක ආර්ඩබ්ලිව්පී (විශ්‍රාමික) ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු යුද්ධ හමුදා විධායක ජෙනරාල් ශාඛාවේ අධීක්‍ෂණය මත සංවිධානය කරනු ලැබිණි.

දිවංගත මේජර් ජෙනරල් පී.ඒ. කරුණාතිලක ආර්ඩබ්ලිව්පී (විශ්‍රාමික) වෙනුවෙන් නිකුත් කරනු ලැබු විශේෂ නියෝග I (Special Part I Order) පහතින් දැක්වේ;