Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

22nd September 2022 16:21:48 Hours

‘නිපුණතා සංවර්ධනය සහ නවෝත්පාදනය’ වැඩමුළුවේ දෙවන අදියර ඇරඹේ

‘නිපුණතා සංවර්ධනය සහ නවෝත්පාදනය’ වැඩමුළුවේ දෙවන අදියර 2022 සැප්තැම්බර් මස 20 දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මූලස්ථාන සම්මන්ත්‍රණ ශාලාවේදී ආරම්භ කෙරිණි.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් සුජීව සෙනරත් යාපා ගේ සංකල්පයකට අනුව මෙම වැඩමුළුව ක්‍රියාත්මක කරනු ලැබීය. ඉදිරි වසර සඳහා සකස්කර ඇති ආයතනික අරමුණු සාක්‍ෂාත් කරගැනීමේ අරමුණින් මෙම වැඩමුළුව ක්‍රියාත්මක කරනු ලබයි.

මෙම වැඩසටහන තුලින් නව්‍යකරණයන් සඳහා යුද්ධ හමුදා සාමාජිකයින් හුරු කරවනු ලබන අතර පාඨමාලා කාලය සමාප්තියේ ඔවුන් සතු දැනුම හා කුසලතා ප්‍රවර්ධනය කිරීමේ අපේක්‍ෂාවෙන් මෙම පාඨමාලාව පවත්වනු ලබයි. කණ්ඩායම් වැඩසටහන්, අපද්‍රව්‍ය කළමනාකරණය, පෑස්සීම, පින්තාරු කිරීම සහ වඩු කාර්මික ශිල්පය වැනි නවෝත්පාදන ප්‍රවාහයන් ආවරණය කරන ප්‍රායෝගික සැසිවාරයන් සමඟින් මෙම පාඨමාලාව දින 21 ක් පුරාවට පැවැත්වේ.

මෙම පාඨමාලාවේ දෙවන අදියර යටතේ තෝරාගත් යුද්ධ හමුදා සාමාජිකයින් 30 දෙනෙකු පුහුණු කාලසීමාව පුරා පුහුණු වැඩසටහන් සඳහා එක්වේ. පාඨමාලා කාලසීමාවෙන් පසුව අපේක්‍ෂිත ප්‍රවීණත්වය ලබන යුද්ධ හමුදා සාමාජිකයන් වෙනුවෙන් පිළිගත් සහතික පත්‍රයක් පිරිනමනු ලබයි.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ නියෝජ්‍ය සේනාවිධායක මේජර් ජෙනරල් එම්. තුසිත සිල්වා විසින් මෙම පාඨමාලාවේ දෙවන අදියරේ සමාරම්භක දේශනය පවත්වන ලදී.